සෑම විටකම යහපාලනය තහවුරු කරමින්, කුසලතා පූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම සඳහා ඵලදායි වැඩසටහන් රැසක් දියත්කිරීමට බලාපොරොත්තු වන බව...
සෑම විටකම යහපාලනය තහවුරු කරමින්, කුසලතා පූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම සඳහා ඵලදායි වැඩසටහන් රැසක් දියත්කිරීමට බලාපොරොත්තු වන බවත් ඔලිම්පික් කමිටුවට අනාගතයේදී ශ්‍රී ලංකාවට ගෞරවයක් සහ අභිමානයක් ගෙන දීමේ හැකියාව පවතින බවත් තමන් දැඩි ලෙස විශ්වාස කරන බව සුබ්‍රමනියම් මහතා පැවසීය.
"වේගය,උසස් බව හා ශක්තිය එකම දහම කරගත් ඔලිම්පික් තරඟයකදී සිය දේශය නියෝජනය කිරීමට මළල ක්‍රීඩකයෙකුගේ හදවතේ කැකෑරෙමින් පවතින්නේ දැඩි උනන්දුවකි. ක්‍රීඩාවට ඇති ලැදියාව පෙන්වන මෙම උනන්දුව පෝෂණය කිරීමට හා වර්ධනය කිරීමට නම් ක්‍රීඩා සම්මේලන වඩාත් ශක්තිමත් විය යුතුය. එමෙන්ම ඒවාට ඉහළ ප්‍රගතියක්, උන්නතියක් ළඟා කරගැනීමට මූල්‍යමය සහයෝගය අවශ්‍ය වේ. එහිදී අවශ්‍යම කරුණ වන්නේ බහුවිධ ආදායම් මාර්ග සකසා ගැනීමයි. ශ්‍රී ලංකාව ලෝක ක්‍රීඩා තලයේ ඉහළට ගෙන යාමට අපගේ ක්‍රීඩා සම්මේලන ශක්තිමත් කිරීමට අවශ්‍යයෙන්ම කැපවීමට මා සුදානම්."
ඒ අනුව, තරුණ ක්‍රීඩකයන්, ක්‍රීඩා පරිපාලකයන් හා ක්‍රීඩා පුහුණුකරුවන් නගා සිටුවීම,සෑම ක්‍රීඩා සම්මේලනයක්ම මූල්‍යමය වශයෙන් ස්වාධීන හා සවිමත් කිරීම සඳහා ඒවා සවිබල ගැන්වීම, ඔලිම්පික් සහයෝගිතා වැඩසටහන හරහා මළල ක්‍රීඩා ඔලිම්පික් කමිටුවේ සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මඟින් වඩා ශක්තිමත් මූල්‍යමය සහයෝගයක් ලබා ගැනීමට කටයුතු කිරීම, අනුග්‍රහකත්ව ලබා ගැනීමට ප්‍රකට පරාර්ථකාමී ව්‍යාපාරිකයන් පත්කිරීම, මධ්‍යගත වූ ජාතික ඔලිම්පික් කමිටුවක් ලෙස සියලු සම්මේලන ඒකාබද්ධ කිරීම හා ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධාන කාර්යාලය තුළ මෙරට ලොකු කුඩා සියලුම ක්‍රීඩා සම්මේලනවලට කාර්යාල සහ පරිපාලන පහසුකම් සැපයීම සිය අභිලාෂය බව සුරේෂ් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේය.
පොදු රාජ්‍ය මණ්ඩලීය සහ ආසියානු තරඟාවලීන්හිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව සුදුසුකම් ලැබීමට හා ඔවුන්ට පදක්කම් දිනා ගැනීමට ජාතික සම්මේලනවලට දැඩි සහයෝගයක් ලබා දීම, කුසලතා පදනම මත ක්‍රීඩා කිහිපයක් තෝරා ගෙන 2020 ඔලිම්පික් තරඟාවලියේදී සුදුස්සන් හා පදක්කම් ලබා ගනිමින් රටට කීර්තියක් ගෙන ඒම, විදේශීය පුහුණුව සඳහා ලොව ඉහළම පුහුණු මධ්‍යස්ථාන වෙත සුදුසුකම් ලබන මළල ක්‍රීඩකයන් යැවීමට සහ විදේශීය පුහුණුකරුවන් මෙරටට ගෙන්වීමට ජාතික සම්මේලන වලට සහය දැක්වීම, දේශීය පුහුණුකරුවන්ගේ සංචිතය වර්ධනය කිරීමට සහ ඉහළ තරඟකාරී අධ්‍යාපනික පරිසරයක් යටතේ ඔවුන්ව පුහුණු කිරීමට ජාතික සම්මේලන වලට සහාය වීම හා ක්‍රීඩාවේ ප්‍රගතිය පහත හෙලන ඕනෑම සාධකයක් මුලිනුපුටා දැමීම සඳහා වගවීම හා විනිවිදභාවය උපරිම මට්ටමින් පවත්වාගෙන යාම සිය ඉදිරි සැලසුම් බව සුබ්‍රමනිං මහතා වැඩිදුරටත් අනාවරණ කළේය.
මෙම අවස්ථාවට සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාද එක්ව සිටි අතර ශ්‍රී ලංකා ටෙනිස් සංගමය ඇතුළු ජාතික සංගම් රැසක නියෝජිතයන් ඊට සහභාගී වී සිටියහ.
ආශිකා බ්‍රාහ්මණ
ජායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS