අගමැති හා ජනාධිපති අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බවත් එළිපිටම යුද්දේ පටන් ගෙන ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ ඊයේ (...
අගමැති හා ජනාධිපති අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බවත් එළිපිටම යුද්දේ පටන් ගෙන ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ ඊයේ (21) පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අද මේ හිස් ගොඩ දැක්කම මන් හිතන්නේ මට හෙට තවත් බැනුම් අහන්න වෙනවා. දැන් ඉවසගෙන ඉන්න පුළුවන් රනිල් බනින කොට. මොකද ඒක අපිට විරුද්ධ හින්දා. අපේ සහෝදරයෙක් ඇහුවා මොකද මේ මෛත්‍රී කියන ඒවට උත්තර දෙන්නේ නැත්තේ කියලා. මන් කිව්වා මොකට උත්තර දෙන්නද? ජනතාව එක පාරක් රැවටුණා, දෙවෙනි වතාවේ රැවටෙන්නේ නැහැ. මොකෝ දෙකේ රැවටුනොත්, තුනේ රැවටෙන්න වෙන්නෙම නැහැ. හේතුව මොකද තුන වෙනකොට වැඩේ රටම භාර දීලා ඉවරයි. ඊලාම් රාජ්‍යයේ කොටස්වලට කැඩිලා. ඒකයි අවසානයේ වෙන්නේ. බලන්න අවුරුදු තුනක් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා තමුන්නාන්සේලා තරහා වෙන්න එපා මට නුවර කිසි වැඩක් කරන්න බැරි වුණානේ මේ අවුරුදු තුනේ. නුවරට විතරක් නෙවෙයි රටටම වැඩක් කරලා නැහැ.”
“දැන් කියනවා අපිව නරකාදියට අරන් යනවා කියලා. නරකාදියට යනකන්ම එයා යන්නේ නැතිලු. එයාටත් අමතක වෙලා දැන් එන අවුරුද්දේ මැතිවරණය. මේකේ අගමැති, ජනාධිපති සීතල යුද්ධයක්. එළිපිටම යුද්දේ පටන් අරන්. බලාගෙන ඉන්නේ අලියා පරද්දන්න. බලාගෙන ඉන්නේ බුලත් කොලේ පරද්දන්න. බලාගෙන ඉන්නේ අත පරද්දන්න. අනිත් එක මේ ආණ්ඩුවට පන්දම් අල්ලන, මේ ආණ්ඩුවේ කොටස් කාරයෙක් වෙලා ඉන්න සීනුවට මොනාද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. පරද්දලම දාන්න.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS