වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අද (31)ට යෙදී ඇත. ශ්‍රී ලක්වාසීන් සියලු ම දෙනාට අද දින වැදගත් වන්නේ බුදුන්...
වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අද (31)ට යෙදී ඇත.
ශ්‍රී ලක්වාසීන් සියලු ම දෙනාට අද දින වැදගත් වන්නේ බුදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදු වූ පොහොය අද දින වීම හේතුකොට ගෙනය.
අද වන් දිනයක සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් කේෂධාතු මිටක් දන්දුන් අතර එම කේෂධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ.
බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කරන ලද්දේ ද දුරුතු පොහොය දිනකය.
COMMENTS