යුද්ධය අවසන් කළද ජනවර් අතර සමගිය ඇතිකිරීමට හා සංහිඳියාව ඇතිකිරීමට පැවති රජය අසමත් වූ බවත් එම රජයේ ගෙනගිය ක්‍රියාකලාපය හේතුවෙන් තවදුරටත් ජ...
යුද්ධය අවසන් කළද ජනවර් අතර සමගිය ඇතිකිරීමට හා සංහිඳියාව ඇතිකිරීමට පැවති රජය අසමත් වූ බවත් එම රජයේ ගෙනගිය ක්‍රියාකලාපය හේතුවෙන් තවදුරටත් ජාතීන් අතර අසමගිය වර්ධනය වූ බවත් අගමැතිවරයා පවසයි. එහෙත් 2015 ජනවාරි ජයග්‍රහණයෙන් පසුව සිංහල, දෙමළ මුස්ලිම් ඇතුලු සියලු ජාතීන් අතර සමගිය හා සංහිඳියාව ඇතිකිරීමට රජය සමත් වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂය සියලු ජාතීන් නියෝජනය කරන නිසා සියලු ජාතීන්ට බලපාන ගැටලු හඳුනාගෙන එම ගැටලු විසඳීමට හැකි වූ බවත් මේ වනවිට සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන සමගියෙන් එකට ජීවත් වියහැකි සමාජයක් නිර්මාණය කරදීමට තම පක්ෂයට හැකි වූ බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. එම අරමුණ වෙනුවෙන් තවදුරටත් ශක්තිමත්ව නැගී සිටින බව ද ඔහු පවසයි.
UN
COMMENTS