යාපනයේ මණ්ඩතීව් මුහුදු වෙරළ අසල බෝක්කුවක් යට සඟවා තිබූ කිලෝ ග්‍රෑම් පහක පමණ වන බෝම්බයක් පෙරේදා (20) දින පොලීසිය විසින් සොයා ගෙන ඇත. මෙම බ...
යාපනයේ මණ්ඩතීව් මුහුදු වෙරළ අසල බෝක්කුවක් යට සඟවා තිබූ කිලෝ ග්‍රෑම් පහක පමණ වන බෝම්බයක් පෙරේදා (20) දින පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මෙම බෝම්බය එල්.ටී.ටී.ඊ සංවිධානය සතු බෝම්බයක් බවට පොලීසිය සැක කරන නමුත් එවැනි බෝම්බයක් කිසිවෙකුත් නොදැක මෙපමණ කාලයක් තිබීම ගැන සලකා බලන විට එම බෝම්බය මෙතැනට ගෙනැවිත් දමන්නට ඇත්තේ දින කීපයකට පෙර කවුරුන් විසින් හෝ බවටද සැකයක් පහළ වී තිබේ.
පළාතේ ධීවරයින් දෙදෙනෙකු විසින් මෙම බෝම්බය මුලින්ම දැක ඇති අතර ඔවුන් විසින් ඒ පිළිබදව පොලීසියට තොරතුරු දී තිබේ.
එම බෝම්බය පෙට්ටියක බහා හොදින් ආවරණය කොට තිබූ නිසා බෝම්බ පරිහරණය පිළිබදව ඉතා හොද දැනුමක් ඇති අයෙකු විසින් මෙම බෝම්බය මෙතනට රැගෙන විත් ඇති බවද පොලීසිය සැක පලකර සිටියේය.
කෙසේ වෙතත් යාපනය පොලීසිය පැමිණ එම බෝම්බය රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS