එක්සත් ජාතික පක්‍ෂය සමග වුවද එකතු වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නා...
එක්සත් ජාතික පක්‍ෂය සමග වුවද එකතු වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව මැතිවණයට තරග කිරීමට සූදානමක් නැති බවත් ජනතාව කියන්නේ කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග නොකල යුතු ලෙස බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති ඊයේ (06) රාත්‍රීයේ පැවති සාකච්ජාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
නමුත් මැතිවණයට තරග කිරීමෙන් පසු සභාවන්හි බලය පිහිටුවීම සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇති වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය සමගද එක්ව කටයුතු කිරීමට සූදානම් බවද කී මන්ත්‍රීවරයා එවන් පාලනයක් සදහා කොන්දේසි පැනවෙනු ඇති බවද පැවසීය.
ශ්‍රීලනිපයට කොන්දේසි !
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුයේ, ආණ්ඩුවෙන් ඉවත් වී එන්නේ නම් ශ්‍රීලනිපය සමග සන්ධානගත වීමට සූදානම් බවයි.
එසේ නොවන්නේ නම් ස්ථිර වශයෙන්ම ඉදිරි මැතිවණයේදී ඒකාබද්ධ විපක්‍ෂය තනිව තරග කරන බවද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව සමග එක්ව සිටින මොකාට වුවද විපක්‍ෂ දේශපාලන වේදිකාවේදී තමන් බැන වදින බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
කව්රු යයි ද කියන්න බැහැ !
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා පැවසුයේ, ඉදිරියේදී ඒකාබද්ධයේ කව්රු ජනාධිපතිවරයාට එක්වේදැයි සහතිකයක් දිය නොහැකි බවයි. කෙසේවුවද තමා ශ්‍රීලනිපයට එක් නොවන බව පමණක් පැහැදිලිව කිව හැකියි ඔහු අවධාරණය කළේය.
අභ්‍යන්තර ගැටුම් රැසකට මුහුණදී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා මෙම රැස්වීමට සහභාගී නොවිය. ඔහු වෙනුවෙන් එම රැස්වීමට සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසුයේ පක්ෂයේ ඇතැම් පුද්ගලයින් නොමග ගොස් ඇති බවයි.
COMMENTS