එම දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි ඒ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. රත්නපු...
එම දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි ඒ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. රත්නපුර තිරුවානාකැටිය ප්‍රාථමික විදුහල, වැල්ලවාය මල්වත්ත මහ විදුහල, තෙල්දෙණිය දුම්බර මහ විද්‍යාලය, බණ්ඩාරපොල මහ විද්‍යාලය සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා ඇති ඒ මහතා පේරාදෙණීය විශ්ව විද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබද ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධි හිමිකර ගෙන තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් සිරකස් විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති උපාධිය හිමිකර ගෙන ඇති ශාන්ත හෙන්නායක මහතා භූගෝලීය දේශපාලනය, ජාතිකවාදය, භූගෝලය පිළිබද දර්ශනය ඇතුලු අංශ ගණනාවක් ඔස්සේ පර්යේෂණ රැසක් දියත් කර ඇති අග්‍රගන්‍ය විද්වතෙකි.
පර්යේෂණ ග්‍රන්ථ රැසක් එළිදක්වා ඇති ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වසර තුනක කාලයක් නියෝජ්‍ය උපකුලපතිධූරය ද හොබවා තිබේ.
ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS