කිලිනොච්චි දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතන තුනකින් සමන්විත වන අතර ඒ කාරච්චි, පූනගරි හා පච්චිලෙයිපල්ලි වශයෙනි. දෙමළ ජාතික සන්ධානය, තමිල් අර...
කිලිනොච්චි දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතන තුනකින් සමන්විත වන අතර ඒ කාරච්චි, පූනගරි හා පච්චිලෙයිපල්ලි වශයෙනි.
දෙමළ ජාතික සන්ධානය, තමිල් අරසු කච්චි පක්ෂය යටතේ ප්‍රාදේශීය සභා තුනටම අද නාමයෝජනා බාරදුන් අතර ඒ සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
මීට අමතරව සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය සහ ජනතා විමුක්ති පෙරමුණ ද එම ආයතන තුන සඳහා අද සිය නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.
නව පළාත් පාලන පනතට අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය සභා තුන සඳහා මහජන නියෝජිතයන් 66 දෙනෙකු පත්වීමට නියමිතය.
වන්නි රොමේෂ් මධුසංක
COMMENTS