දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

යේමනයෙන් සෞදි අගනුවරට මිසයිල ප්‍රහාරයක්-හුතී ගරිල්ලන්ගේ වැඩක්

මේ අතර යේමනයේ හුතී ගරිල්ලන් විසින් පවත්වාගෙන යන අල් මසිරා රූපවාහිනිය අල්-යමාමා මාළිගයේ සෞදි නායකයන් විසින් පවත්වන්නට නියමිත හමුවක් ඉලක්ක ...

යේමනයෙන් සෞදි අගනුවරට මිසයිල ප්‍රහාරයක්-හුතී ගරිල්ලන්ගේ වැඩක්

මේ අතර යේමනයේ හුතී ගරිල්ලන් විසින් පවත්වාගෙන යන අල් මසිරා රූපවාහිනිය අල්-යමාමා මාළිගයේ සෞදි නායකයන් විසින් පවත්වන්නට නියමිත හමුවක් ඉලක්ක කරගෙන මෙම මිසයිල ප්‍රහාරය එල්ල කළ බවයි. මෙම හමුවේදී සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් ඉදිරි අයවැය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත ව තිබිණි. සෞදි රජුගේ නිල කාර්යාලය මෙන්ම රාජකීය අධිකරණය වශයෙන් ද භාවිතා වන්නේ අල් යමාමා මාළිගයයි.

කෙසේ නමුත් සෞදියේ ඒජන්සි පුවත් වාර්තාවලට අනුව මෙම මිසයිලය අල් යමාමා මාළිගය නොව රියාද් නුවර ජනාකීර්ණ ප්‍රදේශයක් ඉලක්ක කරගෙන එල්ල කළ එකකි. එවිට සෞදි හමුදාව විසින් පේට්‍රියට් වර්ගයේ මිසයිලයක් මගින් එය, හානිය අවම වන සේ ඉහළ අහසේදීම විනාශ කර දමා තිබේ.

මිසයිලය දුන්නේ ඉරානයද?

හුතී ගරිල්ලන්ට වෙනම මිසයිල බලකායක් සිටියි. ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව ‘බුර්කාන් 2’ වර්ගයේ මෙම මිසයිලය එල්ල කර තිබෙන්නේ “යේමනයේ ජනතාවට එරෙහි ව ඇමරිකානු-සෞදි හමුදාව විසින් සිදුකරන නිහීන අපරාධයන්ට ප්‍රතිචාර වශයෙනි”.



සෞදි අරාබිය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ද මෙම මිසයිලය හුතී ගරිල්ලන් වෙත ලබාදීම සම්බන්ධයෙන් දෝෂාරෝපණය කරන්නේ ඉරානයට ය. නමුත් කැරළිකරුවන්ට ආයුධ සැපයීමේ චෝදනාව ඉරානය තරයේ ප්‍රතික්ෂේප කරයි. නමුත් සෞදි රජය පෙන්වා දෙන්නේ ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය විසින් මේ වන විට පනවා තිබෙන රෙගුලාසි දෙකකකට එරෙහිව යමින් ඉරානය දිගින් දිගටම කලාපීය සහ අන්තර්ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙමින් සිටින බවයි.

යේමන ආණ්ඩුව සහ සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන්ට එරෙහිව යේමනයේ හුතී ගරිල්ලන් සටන් වැද සිටින්නේ 2015 මාර්තු මාසයේ සිටයි.

පසුගිය මාසයේ ද රියාද් හි ගුවන්තොටුපොළ ආසන්නයටම මෙවැනිම මිසයිලයක් එල්ල කිරීමට හුතී ගරිල්ලෝ සමත් වූහ. එහි අවශේෂයන් ඇමරිකාව විසින් ප්‍රදර්ශනය කරයි. සෞදි රජය පැවසුවේ නොවැම්බර් 4 වැනිදා එල්ල වූ මෙම බුර්කාන්-2 මිසයිලය නවතා ගැනීමට එල්ල කළ පේට්‍රියට් මිසයිලය සඳහා අවශ්‍ය බැටරි තමන් වෙත ලබාදුන්නේ ඇමරිකාව බවයි.

මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් යේමනය වෙත පනවා තිබෙන තහනම් තවත් දැඩි කිරීමේ සැලසුමක් ජාත්‍යන්තර ප්‍රජාව වෙත තිබිණි. ඔවුන් දැඩි ලෙසම පවසා සිටියේ ඉරානයේ ආයුධ ජාවාරම නතර කිරීමට තමන්ට අවශ්‍ය බවයි. නමුත් තවදුරටත් සම්බාධක දැඩි කළහොත් ‘යේමනය දශක ගණනාවකින් මුහුණ දෙන දරුණුතම ආහාර හිඟයට ලක්වනු ඇතැ’යි එක්සත් ජාතීන්ගේ සංවිධාන අනතුරු අඟවා තිබිණි.

යේමනයේ හුතී ගරිල්ලන් විසින් රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා සන්නද්ධ අරගලයක් ගෙන යන්නේ 2004 වසරේ පටන් ය. හුතී සංවිධානයේ නිර්මාතෘ හුසේන් බද්රෙදීන් අල්-හුතී විසින් මෙය ආරම්භ කළේ එවකට ජනපති අලි අබ්දුල්ලා සාලේ ට එරෙහිව කැරළි ගසමිනි. 2011 වසරේදී යේමනය පුරා පැතිර ගිය අරාබි විප්ලවයට ද ඔවුන් දායක වුවත් එයින් අරාබි ලෝකf්ය සෙසු රටවල්වලට මෙන්ම යේමනයට ද සිදුවූයේ තවදුරටත් අවුල් ජාලාවක් බවට පත්වීමයි. ඉන්පසු අලි අබ්දුල්ලා සාලේගේම ආධාරය ඇතිව 2014-2015 අතර සමයේදී හුතී ගරිල්ලෝ සානා අගනුවර පාලන බලය අල්ලා ගත්හ. මේ වනවිට යේමනයේ උතුරුදිග ප්‍රදේශයේ වැඩි කොටසක පාලනය ගෙන යන්නේ හුතී ගරිල්ලන් විසිනි. ඔවුන් විසින් ගුවන් හා නාවික තොටුපොළ ගණනාවක් පාලනය කිරීම ද සිදුකරයි. සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව ඔවුන්ට එරෙහිව සටන් වදිමින් සිටින්නේ 2015 වසරේ පටන් ය. එදා පටන් මේ දක්වා සිවිල් වැසියන් 8670 ක් මෙම සටන්වලදී මියගොස් තිබෙන අතර 49,960 දෙනෙක් තුවාළ ලබා තිබේ. මිලියන 21 ක යේමන ජනතාවක් මේ නිසා අවතැන් වී මානුෂීය ආධාර අවශ්‍ය තත්වයට පත් විය. මේ අතර යේමනයේ මේ වසරේ අප්‍රේල් මාසයේ පටන් තවත් 2219 දෙනෙක් මිය ගොස් තිබෙන්නේ රටේ සීඝ්‍රයෙන් පැතිර ගිය කොළරා වසංගතය නිසා ය.

හුතී ගරිල්ලා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් ලැයිස්තුගත කර තිබෙන්නේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඔස්ටේ්‍රලියාව විසින් පමණක් වීම ද මෙහිදී කැපී පෙනෙයි. එක්සත් ජාතීනගේ සංවිධානය, ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, චීනය සහ යුරෝපා සංගමය විසින් තවමත් එය ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් ලැයිස්තුගත කර නැත.

“ඇමරිකාවට මරණය. ඊශ්‍රාලයට මරණය. යුදෙව්වන්ට ශාපය. ඉස්ලාමයට ජයග්‍රහණය” සහ ගරිල්ලන්ගේ මිසයිල සෙල්ලම

හුතී ගරිල්ලා සංවිධානයේ ආදර්ශ පාඨය වන්නේ “ඇමරිකාවට මරණය. ඊශ්‍රාලයට මරණය. යුදෙව්වන්ට ශාපය. ඉස්ලාමයට ජයග්‍රහණය’ යන්නයි.

විචාරකයන්ට අනුව ඉරානයේ ආයුධ ආධාර ලබන යේමනයේ හුතී ගරිල්ලන්ගේ මෙම ‘මිසයිල සෙල්ලම’ මැදපෙරදිග ආරක්ෂාවට එල්ල කරන්නේ සුළුපටු අවදානමක් නොවේ. ඇතැම්විට මැදපෙරදිග ගිනි වද්දන අලුත්ම යුද්ධය මෙය විය හැකිය. මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් ලෝකයේම අවධානය උතුරු කොරියාව වෙත යොමු වී තිබෙන අතරවාරයේ මැදපෙරදිග කතර හරහා සිදුවන මේ මිසයිල ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර නිසා කලාපය ගිනිගන්නට ඇති ඉඩකඩ ඉතා ඉහළ ය.

- අමාලි ජයවීර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යේමනයෙන් සෞදි අගනුවරට මිසයිල ප්‍රහාරයක්-හුතී ගරිල්ලන්ගේ වැඩක්
යේමනයෙන් සෞදි අගනුවරට මිසයිල ප්‍රහාරයක්-හුතී ගරිල්ලන්ගේ වැඩක්
http://ift.tt/2D8lvr1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_495.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_495.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy