දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මොරගහකන්ද විදුලිබල උත්පාදනයට ජලය නිකුත් වේ.

මොරගහකන්ද ජලාශය විදුලිබල උත්පාදනය සඳහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සඳහා ජල නිකුත් කිරීම අද (02) දහවල් යෙදුණු සුබ මොහොතින් ජනාධිපති...

මොරගහකන්ද ජලාශය විදුලිබල උත්පාදනය සඳහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සඳහා ජල නිකුත් කිරීම අද (02) දහවල් යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරුණි.

පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමඟ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මීටර් 178ක ප්‍රමාණය ඊයේ(01) දිනය වන විට සම්පූර්ණ වී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අද දහවල් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එම කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීම පරීක්ෂා කිරීම සඳහා ජලය නිකුත් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ  මෙය රජරට ජනතාව වෙනුවෙන් තමා ද දිගු කාලයක දුටු සිහිනයක් බවයි.

එම සිහිනය මල්පල ගැන්වෙන තවත් සුවිශේෂී දිනයක් වූ අද දිනය උදාවන තුරු තමා බලාසිටි බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

මොරගහකන්ද ජලාශය මඟින් ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම ජාතික විදුලිබල පද්ධතියට මෙගාටොට් 25ක විදුලි ධාරිතාවක් ද එක් කරනු ලබයි.

අද සිට දින 04ක් සිදු කෙරෙන පරීක්ෂා වලින් අනතුරුව පැය 72ක් අඛණ්ඩව විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් විදුලි උත්පාදන කටයුතු පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව සංවිධායකවරු 20 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලබා ගෙන තිබේ.

ඒ අනුව නුවරඑළිය, මහනුවර, ගම්පහ, කොළඹ, ගාල්ල, අනුරාධපුර, රත්නපුර, පුත්තලම, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක සඳහා මෙම නව ආසන සංවිධායකවරු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මොරගහකන්ද විදුලිබල උත්පාදනයට ජලය නිකුත් වේ.
මොරගහකන්ද විදුලිබල උත්පාදනයට ජලය නිකුත් වේ.
http://ift.tt/2nnAJov
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_48.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_48.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy