ගනුදෙනුකරුවන් වෙත අඩු ම පොලී අනුපාත පිරිනමන මහජන බැංකු විසා/මාස්ටර් කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් ඔවුන්ගේ ජීවන රටාව සුවපහසු කිරීම සඳහා උපකාරී ව...
ගනුදෙනුකරුවන් වෙත අඩු ම පොලී අනුපාත පිරිනමන මහජන බැංකු විසා/මාස්ටර් කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් ඔවුන්ගේ ජීවන රටාව සුවපහසු කිරීම සඳහා උපකාරී වේ. මහජන බැංකුවේ සියලූම ගනුදෙනුකරුවන් හට අවම මූලික සම්බන්ධතා ගාස්තුවක් සහ වාර්ෂික ගාස්තුවකට මෙම කාඞ්පත ලබාගත හැකිය. මෙම කාඞ්පත භාවිතයේදී ඉහළ ම මට්ටමේ ආරක්ෂාවක් සහ පහසුවක් සැලසෙන අතර 735 ඉක්මවූ දිවයින පුරා විසිරී ඇති ශාඛා ජාලයෙන් ඊට අදාළ ගෙවීම් කළ හැකිය. පිපල්ස් මොබයිල් බෑන්කින් සහ ඉන්ටර්නෙට් බෑන්කින් පහසුකම් ද කාඩ්හමියන් වෙත ලැබේ.
එමෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙත ඉතා අගනා ප‍්‍රතිලාභ රැසක් මහජන බැංකුව විසින් පිරිනමනු ලබයි. මහජන බැංකුව විසින් සිය බැංකු කටයුතු සඳහා ගනුදෙනුකාර කේන්ද්‍රීය ප‍්‍රවේශය නව මානයකට ගෙන ගොස් ඇති අතර අපගේ ඉතා විශාල වූ ගනුදෙනුකාර පදනමේ විවිධ වූ ජීවන රටා අවශ්‍යතා සපුරාලීම කෙරෙහි අවධානය යොමුකර ඇත.
වසර 56 ට පෙර දී ඇරඹුණු තැන් සිට රටේ සෑම තරාතිරමකම ගනුදෙනුකරුවන් වෙනුවෙන් සිය දොරටු විවර කළ මහජන බැංකුව ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන බැංකු සේවා සම්පාදනය කරමින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට ක‍්‍රියා කළේය. මහජන බැංකුව මේ වන විට සිය ශාඛා 737 සහ ලංකා පේ හා සම්බන්ධ කෙරුණු 3125 ක් පමණ වන ස්වයංකි‍්‍රය ටෙලර් යන්ත‍්‍ර ජාලය හරහා මිලියන 16 ට අධික ගනුදෙනුකරුවන්ට සේවා සපයයි. එමෙන්ම මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණ වැඩපිළිවෙල යටතේ දිවයින පුරා ස්ථාපිත කර ඇති ස්වයං බැංකුකරණ ඒකක 100 ක් ඔස්සේ මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරිමේ සහ බිල්පත් ගෙවිමේ පහසුකම් ඇති නවීන ස්වයංක්‍රීය ටෙලර් යන්ත‍්‍ර මුදල් තැන්පතු යන්ත‍්‍ර සහ බිල්පත් ගෙවීමේ යන්ත‍්‍රවල සේවාවන් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.
COMMENTS