උතුරේ දේශපාලකයකුගේ මූලිකත්වයෙන් එෆ්එම් තරංග ඔස්සේ ගුවන් විදුලි නාලිකාවක් දියත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ...
උතුරේ දේශපාලකයකුගේ මූලිකත්වයෙන් එෆ්එම් තරංග ඔස්සේ ගුවන් විදුලි නාලිකාවක් දියත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අරඹා ඇත.
කිරුළපන දේවිකා උද්‍යානයේ සිට දිවයින පුරා විකාශන මධ්‍යස්ථාන 11 ක් මගින් සිය නාලිකාවේ හඩ නවීන තාක්ෂණයෙන් යුක්තව වා තලයට මුසු කිරීමට නියමිත බව CAPITAL FM දැනුම් දෙයි.
Liverpool Holding සමුහ ව්‍යාපාරය යටතේ වන Trymas Media Network ( Pvt) Ltd ආයතනය විසින් CAPITAL FM දමිළ ගුවන් විදුලි නාලිකාව වැඩ අරඹන්නේ දෙසැම්බර් පලමු දාය.
ෂියා උල් හසන් |
මෙම ගුවන් විදුලි සේවය සදහා මාධ්‍ය ක්ෂ්‍රේත්‍රෙය් වසර 20 ට වැඩි අත්දැකීම් සම්භාරයක් සහ පළපුරුද්ධක් ඇති ෂියා උල් හසන් නායකත්වය ලබා දීමට නියමිත බව Trymas Media Network ( Pvt) Ltd ආයතනය පවසයි.
CAPTAL FM දමිළ නාලිකාවේ සංගීත පාලක ලෙස ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි නිවේදක ඒ.එල්.ජෆීර් කටයුතු කිරීමට නියමිතය.
ප්‍රවීන ගුවන් විදුලි කලාකරුවන් වන රුබන් පිලිප්, දර්ෂි කිරුබා, මිමික්රි බාලු, අෆ්සාන්, ප්‍රවීනා රවීන්ද්‍රන් , සහානා නිධා ගුවන් විදුලි නිවේදක නිවේදිකාවන් ලෙස එක්වේ.
එහි ප්‍රවෘත්ති අංශට විමල් ආදිත්‍යන් සහ නිරුෂා කනගසබෙයි ද ඇතුලත් වෙයි.
ගලධාරී හෝටලයේදී 2017.12.01 දින පැවැත්වෙන සමාරම්භක උත්සවයේදී ප්‍රවීන ගුවන් විදුලි නිවේදකයන් තිදෙනකුට ප්‍රණාමයන් දැක්වීමටද Trymas Media Network ( Pvt) Ltd ආයතනය කටයුතු සංවිධානය කර ඇත.
සිංහල ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවීණ විකාශක සුනිල් විජේසිංහ, ජ්‍යෙෂ්ඨ දමිළ ගුවන් විදුලි ශිල්පී බී.එච්. අබ්දුල් හමීඩ් සහ ඉංශ්‍රීසි ගුවන් විදුලි නිවේදක අරුන් ඩයස් බණ්ඩාරනායක එදින ජනාධිපතිවරයා අතින් ගෞරවයට පාත්‍රවීමට නියමිත බව Trymas Media Network ( Pvt) Ltd ආයතනය වැඩි දුරටත් සදහන් කරයි.
(Radio Gagana)
COMMENTS