අක්කරේපත්තුව මහ නගර සභාව සඳහා ජාතික කොංග්‍රසය යටතේ තරඟ වදින එම්. රාෆික් නැමැත්තා රුපියල් කෝටි ගණනක මත්පෙති තොගයක් සමඟ ඊයේ (19) පස්වරුවේ අම...
අක්කරේපත්තුව මහ නගර සභාව සඳහා ජාතික කොංග්‍රසය යටතේ තරඟ වදින එම්. රාෆික් නැමැත්තා රුපියල් කෝටි ගණනක මත්පෙති තොගයක් සමඟ ඊයේ (19) පස්වරුවේ අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිදුවීමත් සමඟ ජනතා නියෝජිතත්වය සඳහා සුදුසු අපේක්ෂකයින් පමණක් පත් කිරීමේ අවශ්‍යතාව කැෆේ සංවිධානය යළි අවධාරණය කරයි.
තවද හික්කඩුව, මීටියාගොඩ, හබරාදූව යන පොලිස් ස්ථානවල මිනිමැරුම්, කප්පම් චෝදනා රැසක් ඇති පුද්ගලයින් කිහිප දෙනෙකු වෙත නාම යෝජනා ලබාදීමට නියමිත බව තොරුතුරු වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.
පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පුද්ගලයින් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ඡන්ද දායකයින් තුළ භීතියක් හටගෙන ඇති බව ද වාර්තා වෙයි.
ඡන්දය ගණන් කිරීමට බාධා එල්ල වීමේ අවධානමක්
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙසේද සඳහන් කර තිබේ.
“මෙරට ජනතා නියෝජිතත්වය සඳහා ප්‍රවිශ්ඨ වීමේ ප්‍රධාන මාර්ගයක් වන්නේ පළාත් පාලන ආයතන සඳහා තරඟ කිරීමයි. පළාත් පාලනයෙන් තේරී පත්වන මහජන නියෝජිතයෙකු ඉන් අනතුරුව පළාත් සභාවටත් පසුව පාර්ලිමේන්තුවටත් තේරී පත්වී දේශපාලනය තුළ ඉදිරියට යාමේ අවකාශය සැලසෙයි. මේ නිසා අන් මැතිවරණ වලට වඩා මෙම මැතිවරණයේදී ජනතා නියෝජිතත්වයට සුදුසු පුද්ගලයින් වෙත පමණක් අපේක්ෂකත්වය ලබාදීමේ අවශ්‍යතාව මතුව තිබේ. ඉහත ආකාරයේ නීති විරෝධී ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින්, දූෂිතයින්ට පළාත් පාළන ඡන්ද විමසීම සඳහා අවස්ථාව ලබාදීම මඟින් අනාගතයේදී බරපතල ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි.“
මෙවර නව ඡන්ද ක්‍රමය යටතේ ඡන්දය ගණනය කිරීම් සිදුකරන්නේද එම ඡන්දය පැවැත්වෙන මධ්‍යස්ථාන වල දීම වන අතර පාතාල ක්‍රියාකාරිකයින්, හා නමගිය අපරාධකරුවන් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීම නිසා ඡන්දය ගණනය කිරීමටද බාධා එල්ල විය හැකි අවධානම් තත්වයක් බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
තවද මෙවර කොට්ඨාස ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වන්නේද වඩා සුදුසු පුද්ගලයා තම ගම නියෝජනය කිරීම සඳහා පත්කර ගැනීමයි. නමුත් දේශපාලන පක්ෂ විසින් දුෂිත, වංචනික, පුද්ගලයින් ඉදිරිපත් කරන අවස්ථාවලදී ජනතාව ඡන්දය ප්‍රකාශකිරීමෙන් ඈත්වීමේ අවධානමක් ද පවතී. මේ නිසා නාම යෝජනා ලබාදීමේදී වඩා සුදුසු පුද්ගලයින් අපේක්ෂකත්වයට පත් කරන ලෙස කැෆේ සංවිධානය ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින්ගෙන් සහ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කල දිනයේ සිට මේ දක්වා සිදුවීම් 12 ක් පිළිබඳ වාර්තා වී ඇති බවත් ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් ද ඒ අතර වන බවත් කැෆේ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS