මානසික ආතති, මානසික දුර්වලතා හා මානසික රෝග ඇතිවෙනවා. ඒ මොනදේ උනත් ළමා මනස විනාශයෙන් විනාශයට ගියත් මහ හිමිවරුන්ගේ කැත ආශාවන් පොඩි අයගෙන් ...
මානසික ආතති, මානසික දුර්වලතා හා මානසික රෝග ඇතිවෙනවා. ඒ මොනදේ උනත් ළමා මනස විනාශයෙන් විනාශයට ගියත් මහ හිමිවරුන්ගේ කැත ආශාවන් පොඩි අයගෙන් හොඳින් හෝ නරකින් ඉෂ්ට කර ගන්නවා. මේ කැත වැඬේ කරන හිමිවරු මට නම් වශයෙන් කියන්ඩ පුළුවන්. මේවා කරන අයගේ උපසම්පදාව නැහැ. පාරාජිකාවී සිටින්නේ. නමුත් මහ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා හැටියට පෙනී සිටිනවා.
ශාසනික ස්ථානවල (පන්සල් හා සිද්ධස්ථාන) ඉන්න ප්‍රධාන හිමිවරු එම ස්ථානවල අණ දෙන්නන් බවට පත්වෙලා ඉන්නේ. ඒ ගොල්ලෝ අණදෙන භික්ෂුන් වහන්සේලා බුද්ධ දේශනාව කුමක් වූවත් ඒ ගොල්ලෝ කියන දේ තමයි සිද්ධ වෙනඩ ඕන. බණ කියන්ඩ ඕන අනුමෝදනා කරන්ඩ ඕන ඒ අයට අවශ්‍ය විදියට නැත්තම් ස්ථානයෙන් යන්ඩ කියනවා. එලවනවා. අසාධාරණයෙන් හා ජරාවිදියට හම්බ කරලා දාන දෙනවිටත් මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා කියන්ඩ ඕන. නමුත් බුද්ධ දේශනාව ඊට හාත්පසින්ම විරුද්ධයි. අසාධාරණයෙන් හම්බකරන්ඩ එපා කියලයි බුදුහු දේශනා කොට තිබෙන්නේ. ඒ වගේම වෙළදාම් වර්ග 05ක් තහනම් කරලත් තියෙනවා. ඒවා අපි බණට කිව්වොත් ඒ වෙලාවෙම එලවනවා. බුද්ධ ශාසනයේ විශාල අණ දෙන්නන් ප්‍රමාණයක් ඉන්නවා. යුද්ධ හමුදාවට වඩා බි්‍රගේඩියර්වරු පිරිසක් බුද්ධ හමුදාවේ ඉන්නවා.
බුදු දහම විනාශ කිරීමට සැදී පැහැදී සිටින භගඨගධ ආයතන තියෙනවා. ඒවායින් ලක්ෂ 03 බැඟින් වැටුප් ගන්න හිමිවරු ලංකාවේ සිටිනවා. ඉතින් ශාසනය රකින්නේ කෙසේද? වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නෙම්ද ඒ අමාරුව...?
පිරිවෙන්වල කරන දේවල් දැක පුරුදු වුනහම පොඩි හාමුදුරුවරු ඉගෙනගෙන සිවුරු හැරලා යනවා. උදේ 6.00 සිට දහවල් 12.00 වනතුරු බුද්ධ පූජා හා දාන කටයුතු. ඉන්පසු පිරිවෙන් යනවා. පිරිවෙනෙන් 5.00 ට පන්සලට විත් නැවතත් අතුපතුගාන වැඩ හා පාඩම්වැඩ දවසකට පැය 1/2 ක වත් විවේකයක් නැහැ. ඉරිදට පන්සලේ සිටින බල්ලෝ නාවනවා.
මේ ආකාරයට වසරක් දෙකක් ගත කරනකොට මහණකම පමණක් නොවේ ජීවිතයත් එපා වෙනවා. විවේකයක් නැහැ. භාවනාවට ඉඩකුත් නැහැ. ඉතින් සිවුරු හැර මානසික නිදහස සොයා ගෙන යනවා. කෙස්ගානට මහණ කරනවා අං ගානට ඉතුරු වෙනවා කියනවා. එහෙම වෙන්නේ පොඩි අය තනන ක්‍රමේ වැරැද්ද නිසයි.
වැඩ වැඩ දවස තිස්සේම වැඩ වැඩ නොකළොත් බැනුම් හා ගුටි. කියපු දේ කරන් නැත්නම් සිවුර ගලෝලා ගෙදර යවනවා කියලා බනිනවා.
මෙයට වසර 04කට පමණ පෙර එක් ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයක මහනායක හිමිනමක් පැවැදිවෙන්ඩ ආපු අයගෙන් එක්කෙනාගෙන් සිවුරු පිරිකර සඳහා යැයි කියමින් රු.11.000/- බැගින් රැගෙන තිබුනා. නමුත් ගබඩාවේ රුපියල් ලක්ෂ 04ක පමණ සිවුරු ඒ වන විටත් තිබුනා. පැවිදි කරන්ඩ මුදල් ගැනීම බුදුන් වහන්සේ අනුමත කල දෙයක් නොවෙයි. ඒ ගන්න මුදලත් යොදවන්නේ මහනායකවරුන්ගේ පුද්ගලික වැඩට. මේ මහ නායක හිමි ඉතාමත් දිලිඳු පවුලක කෙනෙක් කුඩා කාලයේදීම මහන වූ කෙනෙක්. දැන් අ`ඵත්ම වර්ගයේ යහඉරසා කාරෙකක් පාවිච්චි කරන්නේ ඔහුට මතක නෑ ඔහු සාසනේට ආවේ කොහොමද කියලා. ඒ කාරෙක ගත්තෙත් ස්ථානෙට හා හිමිවරුන්ට ලැබෙන මුදල්වලින්. ස්ථානෙට ලැබෙන මුදල් එක්කෙනෙකුගේ පරිහරණයට ගැනීම බලවත් වරදක්. උපසම්පදාව පිළිබඳ ගැට`ඵ මතුවෙනවා. කොහොමත් උපසම්පදා භික්ෂුවක් ඩ්‍රයිවර් කෙනෙක් තියාගෙන කාරෙකක් පාවිච්චි කිරීම විනය නීතියට පටහැනිය.
අද ඉන්න හැම මහනායක කෙනෙක්ම අන්ත අසරණ දුප්පත් පවුල්වලින් ඇවිත් මහණ වූ අය. නමුත් නායක පට්ටම ගත්තට පස්සේ තමුන් කවුද, අද ඉන්න තැනට ආවේ කොහොමද මතක නෑ. ගිහියෝ ගාවවත් මේ වගේ දූර්දාන්ත ගති නැහැ. සල්ලි නැත්තම් මහණ කරන්නේ නැහැ. සල්ලිකාරයෙක් හෝ උගතෙක් මහණ වෙන්ඩ ආවොත් ඉක්මණටම මහණ කරලා හොඳට සලකනවා. සල්ලි වලට කොරු අබ්බගාතයෝ පවා මහණ කරනවා.
මේවට විරුද්ධව කථාකළොත් වචනයක් හෝ කිව්වොත් ඒ වේලාවෙම සිවුරු ගලවලා ගෙදර යවනවා. අද ශාසනේ ඉන්ඩ නම් ඇහැ කණ පියා ගෙන එහෙයියෙක් බවට පත්වෙන්ඩ ඕන. අද නායක හිමිවරු කරන්නේ එහෙයියන් හදන එක.
දැනට අවු: 05 ක පමණ කාලයක සිට හුඟාක් බෞද්ධ පූජා ස්ථානවලට දායකයෝ පූජාකරන පිරිකර එහි සිටින හිමිවරුන්ට බෙදන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ අනුදැන වදාරා තිබෙන්නේ ලැබෙන පිරිකර සියළු දෙනා අතර බෙදා දීමටයි. උපසම්පදා හිමිවරුන්ට දෙන දෙයින් භාගයක් සාමනේර අයට දෙන්ඩ කියලයි බුද්ධ දේශනාව. නමුත් අද හුඟක් ස්ථානවල පිරිකර බෙදන්නේ නැහැ. ඒවා එකතු කර විකුණා ඒ මුදල් ස්ථාන භාරව සිටින හිමිවරුන්ගේ පුද්ගලික වියදමට හෝ ස්ථානේ වියදමට ගන්නවා. නැත්තම් ගෙවල් වලට යවනවා. ඒ මුදල්වලින් යානවාහන ගන්නවා. පිරිකර බෙදුවේ නැත්තම් ඒක වංචාවට අහුවෙනවා. ඒ අනුව එක දිනක් පිරිකර බෙදුවේ නැත්තම් උපසම්පදාවෙන් පාරාජිකා වෙනවා. දෙවෙනි දවසෙත් බෙදුවේ නැත්තම් විනයට අනුව සාමනේරකමත් නැතිවෙනවා. එම විනය නීතියට අනුව වසර ගණන් පිරිකර බෙදන්නේ නැති ස්ථානවල ඉන්න ප්‍රධාන හිමිකරුවන්ට හා ඒ වංචා සහගත ක්‍රියාව අනුමත කරන අයට පංචශීලයවත් නැහැ. ඒ ගොල්ලන්ට චීවරයක් ඇඟලාගෙන සිටීමට අයිතියක් නැහැ. ඒ අය ශ්‍රමණ හොරු.
2010 වසරේ දිනයක ඇතුරුගිරිය ප්‍රදේශයේ තියෙන අරණ්‍යයක සියළුම හිමිවරුන්ට උණ රෝගයක් වැලදුනා. ප්‍රධාන නා හිමි පෞද්ගලික රෝහලක නැවතුණා. අනෙක් සියළුම හාමුදුරුවරු රජයේ රෝහලට ඇතුල් කලා. පුද්ගලික රෝහලේ ඒ නායක හිමි දින 03 ක් හිටියා. ඒ දින 03 ට බිල 75000/- ක්. ඒ බිල ගෙව්වේ නොබෙදූ පිරිකර විකුණගත් මුදලින්. ඉංගිරිය රජයේ රෝහලේ නැවතුන හිමිවරුන් ගැන බැලීමට කවුරුත් නැහැ. මුදල් හා පිරිකර ලබාගන්නෙත් හාමුදුරුවරු ටික පෙන්වලයි.
‘විදාරණට’ විශේෂයෙන් නම හෙළි කිරීමට අකමැති යතිවරයෙකු විසිනි.
පෙර සටහන්
වර්තමාන බුද්ධාගම , පන්සල හා භික්ෂුව 2
http://ift.tt/2AjZdFh
COMMENTS