දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

Shangri-La Colombo මහින්ද රාජපක්ෂ නිළ වශයෙන් විවෘත කරයි

මෙම නිළ විවෘත කිරීම බ්‍රහස්පතින්දා රාත්‍රියේම සංවිධානය කර තිබුනද මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය නොවැම්බර් 18 වැනිදාට යෙදෙන බැවින් එදින ර...

Shangri-La Colombo මහින්ද රාජපක්ෂ නිළ වශයෙන් විවෘත කරයි
sajad mawjunමෙම නිළ විවෘත කිරීම බ්‍රහස්පතින්දා රාත්‍රියේම සංවිධානය කර තිබුනද මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය නොවැම්බර් 18 වැනිදාට යෙදෙන බැවින් එදින රාත්‍රී එම උත්සවය සංවිධානය කරන ලෙස Shangri-La Colombo හෝටලයේ අධ්‍යක්ෂක, කෝටිපති ව්‍යාපාරික සජාඩ් මව්සූන් (Sajad Mawzoon) මහතා  පාලනාධිකාරියට නියෝග කර ඇත.
 
ඒ අනුව ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සැමට දුර්ලබ ගණයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට Shangri-La Colombo හෝටලයේ පාලනාධිකාරිය කටයුතු කර තිබේ. සුපිරි ගණයේ චීන සාම්ප්‍රදායික රස මසවුළුවලින් විචිත්‍රවත් වූ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය චීන සාම්ප්‍රදායික අංගයන්ගෙන් සමන්විත විය.
 
16 වන බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් හෝටලය සංකේතීය ආකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව 32 වන මහළ වෙත කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී අමුත්තන්ට කෙටි කෑම වර්ග හා තේ කෝප්පයකින් පමණක් සංග්‍රහ කළද ඊයේ රාත්‍රී භෝජන සංග්‍රහය විස්කි, බ්‍රැන්ඩි, ෂැම්පේන් උතුරා ගිය එකක් විය.
 
උත්සව ශාලාව වෙත මහින්ද රාජපක්ෂ මහතා සහ එම මහත්මිය පැමිණෙන විට ඔවුන් දෙපළ පිළිගනිමින් අධ්‍යක්ෂක සජාඩ් මව්සූන් පවසා ඇත්තේ 'මේ ඉන්නේ අපේ ජනාධිපති' යැයි පවසමිනි. එහි රැස්ව සිටි පිරිස් ඊට අත්පොලසන් නගා ප්‍රතිචාර දක්වත්ම එක් අයෙකු පවසා ඇත්තේ '72 වැනි උපන් දිනය කියන්නෙ ඉතා සුබ එකක්. ජේ.ආර්. ජයවර්ධන ලංකාවෙ පළවෙනි විධායක ජනාධිපති උනේ අවුරුදු 72 දි. ඔබතුමා ආයෙත් ජනාධිපති වෙන එක සක්කරයටවත් වලක්වන්න බෑ.' කියාය.
 
මෙම අවස්ථාව විදහා දැක්වෙන ශ්‍රව්‍ය - දෘශ්‍ය හඬපට මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.
 
Shangri-La Colombo හෝටලයේ අධ්‍යක්ෂක ඇතුළු පාලනාධිකාරිය යහපාලන රජය සමග නොහොඳ නෝක්කාඩු වී සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් වෙත සින්නක්කරව පැවරූ හෝටල් භූමි පරිශ්‍රය නව රජය යටතේ දීර්ඝකාලීන බද්දකට පරිවර්තනය කළ හෙයිනි. එහෙත් තමා පවරා දුන් සින්නක්කර ඔප්පුව මහින්ද රාජපක්ෂ මහතා සඟවමින් සිටී. මීට පෙර අප එකී ඔප්පුවේ පිටපත් අප වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කළ අතර හුදී ජන පහන් සංවේගය උදෙසා එය නැවත පළ කරන්නේ Shangri-La රාජපක්ෂට මෙතරම් ආදරය කරන්නේ ඇයිදැයි වටහා දීමටය.
 
 
shangri la 1
shangri la 2
shangri la 3
shangri la 4
shangri la 5
shangri la 6
shangri la 7
shangri la 8
shangri la 9
shangri la 10
shangri la 11

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Shangri-La Colombo මහින්ද රාජපක්ෂ නිළ වශයෙන් විවෘත කරයි
Shangri-La Colombo මහින්ද රාජපක්ෂ නිළ වශයෙන් විවෘත කරයි
http://ift.tt/2hBXCyP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/shangri-la-colombo.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/shangri-la-colombo.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy