මෙසේ වෙඩිතබා ඝාතානය කර ඇත්තේ තබ්බෝව අභය භූමියේ සැරිසරමින් සිටි හස්ති රාජයෙකු බව වාර්තා වේ.. වයස අවුරුදු විසි පහක් පමණ වන උස අඩි හත හමාරකි...
මෙසේ වෙඩිතබා ඝාතානය කර ඇත්තේ තබ්බෝව අභය භූමියේ සැරිසරමින් සිටි හස්ති රාජයෙකු බව වාර්තා වේ.. වයස අවුරුදු විසි පහක් පමණ වන උස අඩි හත හමාරකින් සමන්විත මෙම හස්තියාගේ දළ යුගළ අඩි තුනක් පමණ දිගින් සමන්විතය.
තබ්බෝව අභය භූමිය තුළ සැරිසරමින් සිටියදී මෙලෙස වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් පසු වැව් තාවුල්ල වෙත පැමිණ ඇති හස්තියා එහිදී මරණයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි වනජීවී නිළධාරීන් පවසන්නේ. අදාල හස්ති රාජයාගේ මෘත දේහය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ පපුව ප්‍රදේශයේට සිදුකළ වෙඩි තැබීමකින් හස්තියා මරණයට පත්ව ඇති බවයි.
පුත්තලම කේ. ප්‍රියංකර
COMMENTS