රටේ එක්සත්භාවය ආරක්ෂා කිරීමට විධායකය අවශ්‍ය බව පෙනෙන්නට ඇති හෙයින් එම ස්ථාවරයේ ශ්‍රීලනිපය පසුවන බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ප...
රටේ එක්සත්භාවය ආරක්ෂා කිරීමට විධායකය අවශ්‍ය බව පෙනෙන්නට ඇති හෙයින් එම ස්ථාවරයේ ශ්‍රීලනිපය පසුවන බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ප්‍රශ්නයට විසඳුම් දෙමින් සංහිඳියාව ඇති කිරීමටත්,නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත්, රට සංවර්ධනය කිරීමටත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවයි. ඒ වෙනුවෙන් ලෝක ප්‍රජාවේ විශ්වාසය හා සහය ජනාධිපතිවරයාට හිමිව ඇති බව හෙතෙම සඳහන් කළේය.
ව්‍යවස්ථා සංශෝධනය යන කාරණයේදී ඇතැම් භික්ෂුන් වහන්සේලා වැනි කණ්ඩායම් විරෝධය පළ කරන අතර ඇතැමුන් ඊට එකඟතාව ප්‍රකාශ කරමින් පවතින තත්ත්වයක සෑම දෙනාගේම ඉල්ලීම ඉටුකිරීමට නොහැකි වුවත් බහුතරයේ කැමැත්තට ඉඩ දියයුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS