ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ පෙනී සිටීමට නියමිතය. අදාළ බැඳුම්කර නිකුත් කිරීමට අදාළව කරුණු පැහැ...
ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ පෙනී සිටීමට නියමිතය.
අදාළ බැඳුම්කර නිකුත් කිරීමට අදාළව කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය බව කොමිසම විසින් අගමැතිවරයාට දැනුම් දී ඇති අතර එම දැනුම්දීම ලද වහාම කොමිසම හමුවේ පෙනී සිටීමට තමන් සුදානම් යෑයි රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ.
එම කොමිසමේ සාක්‍ෂි විභාග කරන අතරතුර සිය නම සඳහන්වීම පිළිබඳව අවධානය යොමු කරමින් කරුණු පැහැදිලි කිරීමට තමන් සූදානම් යෑයි අගමැතිවරයා මීට පෙර විශේෂ ප්‍රකාශයක් ද කර තිබිණි.
කොමිසම ඊට ප්‍රතිචාර දක්‌වමින් කරුණු 16 කට අදාළව දළ පැහැදිලි කිරීම් එවන ලෙසද අගමැතිවරයාට දැනුම් දී ඇත.
එම පැහැදිලි කිරීම් අංගසම්පූර්ණ ලෙස යොමුකර ඇති අතර ඉන් පසුව කොමිසම විසින් කළ දැනුම් දීමකට අනුව අගමැතිවරයා ලබන සතියේ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
COMMENTS