දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වෛද්‍යවරුන් මෙන් හෙද හෙදියන්ද වෘත්තීයවේදීන් බවට පත් කිරීමට සුව ඇමති සැරසෙයි

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හෙද හෙදියන් ද වෘත්තියවේදීන්ගේ තත්වයට උසස් කිරීමට බලාපොරොත්තු වන බවයි. වත්මන් රජය යටතේ ස...

වෛද්‍යවරුන් මෙන් හෙද හෙදියන්ද වෘත්තීයවේදීන් බවට පත් කිරීමට සුව ඇමති සැරසෙයි
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හෙද හෙදියන් ද වෘත්තියවේදීන්ගේ තත්වයට උසස් කිරීමට බලාපොරොත්තු වන බවයි. වත්මන් රජය යටතේ සෞඛ්‍ය සේවාව ප්‍රීතිමත් සේවාවක් බවට පත්කර ඇති බවත් සමස්ත රාජ්‍ය සේවයට වැඩිකළ රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමට අමතරව හෙද සේවය වෙනුවෙන් තවත් රුපියල් 3000 ක දීමනාවක් ලබාදීමට ද සමත් වූ බව රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වරප්‍රසාද විශාල ප්‍රමාණයක් ලබාදී ඇති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
 
තමන්ගේ මීලඟ ඉලක්කය පෞද්ගලික රෝහල්වල අයකරන අසාධාරණ මිලගණන් පාලනය කිරීම බව ද සෞඛ්‍ය ඇමතිවරයා පැවසීය. සෞඛ්‍ය සේවය වෙළඳාමක් නොවන බව පෙන්වා දුන් ඇමතිවරයා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවාව හරහා විවිධ ජාවාරම්කරුවන්ට සිය මඩිය තරකර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බවයි.
 
තවදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා,
 
'වත්මන් රජය බලයට පත් වීමේන් පසු රාජ්‍ය සේවකයින්ට වරප්‍රසාද රැසක් ලබා දුන්නා. සෞඛ්‍ය සේවාව ද ප්‍රීතිමත් සේවාවක් බවට පත්කලා. වෘත්තීය සමිති වල ඉල්ලීම් වලට අවධානය යොමු කර ඉටුකර දී තිබෙනවා. වසර 2004 න් පසු රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000ක් වැඩිකර තිබෙනවා. එය මැතිවරණ පොරොන්දුවක්. මම මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර රුපියල් 3000 ක අමතර දීමනාවක් ද හෙද හෙදියන්ට ලබා දුන්නා. හෙද උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නා.'
 
'කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ස්ථාපිත කිරීමට නියමිත හෙද පීඨය ඉදිකිරීමට දෙසැම්බර් මස 20 වනදා මුල්ගල් තියනවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් භූමියේ. එම හෙද පීඨය මහල් 19 කින් යුක්ත වන අතර 2000 කට එකවර අධ්‍යාපනය ලැබිය හැකි වනවා. හෙද උපාධිය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහල් 14 ක හෙද නේවාසිකාගාරයක් ද ඉදි කරනවා. සියළුම සිසුන්ට බ්‍රිතාන්‍ය ගුරුවරුන් මඟින් ඉංග්‍රිසි භාෂා පාඨමාලාව ක්‍රියාත්මක කරනවා. මෙම හෙද පීඨයේ බිහි කරන හෙද උපාධිධාරීන් රාජ්‍ය, පෞද්ගලික හා විදේශ රැකියා සඳහා යොමු කිරීමට හැකියාව තිබෙනවා. හෙද හෙදියන් ද වෘත්තීයවේදීන් බවට පත් කරනවා. ගාල්ල, මාතර, කලුතර, අනුරාධපුරය සහ මහනුවර හෙද විද්‍යාල සංවර්ධනය කරනවා. ඒ සඳහා 2017 වසරේ දී රුපියල් මිලියන 300 ක් වැය කලා. 2018 වසරේදීත් රුපියල් මිලියන 300 ක් වැය කරනවා.'
 
'හෙදකමත් ප්‍රන්‍යකර්මයක්. “ආරෝග්‍යා පරමාලභා” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. යහපාලන රජය සෞඛ්‍යට හා අධ්‍යාපනයට විශාල මුදලක් වැය  කරනවා. හෘද රෝගීන්ට නොමිලේ ස්ටෙන්ස් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ 20% මුදල් වැය වන්නේ ස්ටෙන්ස් වලටයි. ප්‍රධාන රූපවාහිනී නාලිකාවක නිවේදක මහතෙකු මාව නිතරම විවේචනයට ලක් කරමින් සිටියා. නමුත් ඔහුගේ පියා කොළඹ ජාතික රෝහලට හෘද සැත්කමක් සඳහා ඇතුලත් කල අවස්ථාවේ දී එහි සිටි විශේෂඥ වෛද්‍යවරයා ස්ටෙන්ස් නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව නිවේදක මහතා දැනුවත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා අපට දැනුම් දී තිබෙනවා හොඳම ස්ටෙන්ස් රෝගීන්ට ලබා දෙන්න කියලා යැයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර තිබුණා. එවිට නිවේදක මහතා ප්‍රකාශ කර තිබුනා අපි මේවා දෙන්නේ නැහැ කියලා අපිට දොස් කියනවා විතරයි. හරියට තොරතුරු දැන ගත්තම වටිනාකම තේරෙනවා. කොළඹ ජාතික රෝහලේ පස්වරු 4 පසුවුව ද හෘද සැත්කම් සිදු කරනවා. අහිංසක රෝගී ජීවිත බේරා ගැනීම අඛණ්ඩව සිදු කල යුතුයි.'
 
මෙම උත්සවයේදී බොරුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක ලිට්ල් හාට් ව්‍යාපෘතිය සඳහා 2012 B හෙද කණ්ඩායම විසින් එකතු කරන ලද රුපියල් 250,000 ක මුදල සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතාට ලබා දීමද සිදු විය.
 
rajitha 30
rajitha 31
rajitha 32
rajitha 33
rajitha 34

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෛද්‍යවරුන් මෙන් හෙද හෙදියන්ද වෘත්තීයවේදීන් බවට පත් කිරීමට සුව ඇමති සැරසෙයි
වෛද්‍යවරුන් මෙන් හෙද හෙදියන්ද වෘත්තීයවේදීන් බවට පත් කිරීමට සුව ඇමති සැරසෙයි
http://ift.tt/2jtJ4l9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_496.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_496.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy