දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්දානන්දගේ බලශක්ති මහිමය උසාවියේ දිගහැරේ

  ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී නොරොච්චෝලේ බලාගාරය ඉදිකළ චයිනා මැශිනරි ඇන්ඩ් ඉංජිනියරින...

මහින්දානන්දගේ බලශක්ති මහිමය උසාවියේ දිගහැරේ

 

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී නොරොච්චෝලේ බලාගාරය ඉදිකළ චයිනා මැශිනරි ඇන්ඩ් ඉංජිනියරින් සමාගමෙන් (CMEC) ලබාගත් කොමිස් මුදල් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 25.40ක මුදලක් සිංගප්පූරු ගිණුම් තුනකට යොමුකර තිබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇත. ඒ බව B 22477/15 යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ද දැනුම් දී තිබේ.

මෙලෙස උපයාගත් මුදලින් මහින්දානන්ද මිලදී ගත් දේපළ වන්නේ

1. නාවල, කොස්වත්ත, චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ අංක. 15/1 දරණ පර්චස් 33ක් සහිත ඉඩම සහ නිවස - රු. ලක්ෂ 380
2. මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතේ පර්චස් 12 බැගින් ඉඩම් කට්ටි 3 - රු. ලක්ෂ 500
3. කොළඹ, කිංසි පාරේ කිංසි ටවර් හි අංක. 70/3/1 දරණ මහල් නිවාසය - රු. ලක්ෂ 300
4. බොරැල්ල කුරුප්පු පාරේ පර්චස් 20ක ඉඩම
5. කොළඹ 08 ට්‍රිලියම් රෙසිඩන්සීස් හි නිවසක්
6. එංගලන්තයේ ලන්ඩන් නුවර Flat 04, Blyton house, 19-23, Sydenham Hill, London, SE26 6SH දරණ ලිපිනයේ සුඛෝපභෝගී මහල් නිවස ය.
මීට අමතරව සිංගප්පූරු HSBC බැංකුවේ ගිණුමක ඇමරිකන් ඩොලර් ලක්ෂ 5ක තැන්පතුවක් ද ඔහුට හිමිව ඇත.

මේ සියල්ල පිළිබඳ සම්පූර්ණ විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2016 වසරේ සැප්තැම්බර් 22 වන දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර නඩු විභාගය යෙදී තිබුණු 2017 නොවැම්බර් 20 හා 21 දිනයන්හි මහින්දානන්ද අලුත්ගමගේ අයවැය විවාදය පෙන්වා අධිකරණය මඟහැරීම හේතුවෙන් අධිකරණය විසින් ඔහුගේ ඇපකරුවන්ට නොතීසි නිකුත් කර තිබිණි.

මහින්දානන්ද අලුත්ගමගේ යනු 1987 වසර වන විට 'ද ෆිනෑන්ස්' සමාගමේ කෑගල්ල ශාඛාවේ ණය අයකර ගැනීමේ නිලධාරියෙකි. එවන් සාමාන්‍ය රැකියාවක් කළ පුද්ගලයකු වසර 30කදී මෙතරම් දේපළ හිමිකර ගැනීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මහින්දානන්දලා නියැළී සිටි දූෂිත දේශපාලනයේ ආශ්චර්යයයි. අනෙත් අතට මින් තේරුම් ගත යුතු වන්නේ මහින්දානන්දලා වැනි ගෝලයින් මෙතරම් සොරකම් කළා නම් ඔවුන්ගේ හාම්පුතුන් වූ රාජපක්ෂලා කෙතරම් නම් සොරකම් කර ඇත්ද යන්නයි.

මහිදානන්දලා මේ සොරකම් කළේ රටේ ඉදිරි පරපුරත් ලෝකය හමුවේ ණයකරුවන් කරමිනි. ඔවුන් කළ සොරකම් වලට ද ගෙවන්නට සිදුවන්නේ රටේ අනාගත පරපුරටය. මෙහි සැබෑ ඛේදවාචකය වන්නේ එයයි. මහින්දානන්දලා අද ඒකාබද්ධ විපක්ෂයට වී රට ජාතික ගැන මොරදෙන්නේ රට ගැන හැඟීමකින් නොව ඩොලර් මිලයන ගණනින් තමන්ට හොරාකෑමට තිබුණු ඉඩ අවහිරවීමේ වේදනාවෙන් බව ඔප්පු කරන්නට මීට වඩා සාක්ෂි අවශ්‍ය නැත. රට ගැන සැබෑ හැඟීමක් ගෑවී හෝ තිබිණි නම් ඔවුන් රට උකසට තබා ඩොලර් මිලියන ගණනින් හොරාකන්නේ නැත.

සබැඳි පුවත් - 

ලන්ඩන් ගෙදර විකුණා මහින්දානන්ද තමුන්ටම අයියා වෙයි

මහින්දානන්දගේ ලන්ඩන් දේපළ හිටපු බිරිඳ විකුණලා

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දානන්දගේ බලශක්ති මහිමය උසාවියේ දිගහැරේ
මහින්දානන්දගේ බලශක්ති මහිමය උසාවියේ දිගහැරේ
http://ift.tt/2AF6ajZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_490.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_490.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy