ගෙවුනු දින කිහිපය තුලදී උතුරු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රණාන්දු මහතාගේ උපදෙස් පරිදි පොලීසිය හා පොලිස් විශේෂ කාර්...
ගෙවුනු දින කිහිපය තුලදී උතුරු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රණාන්දු මහතාගේ උපදෙස් පරිදි පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දිවා රාත්‍රී විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කරමින් ආවා කල්ලියේ බවට සැක කෙරෙනෙ පුද්ගලයින් පනහකට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමග පැවති නොසන්සුන් තත්වය පාලනය වෙමින් සාමන්‍ය අතට පත්විය.
මෙම මෙහෙයුම් වෙනුවෙන් උතුරේ ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියාගේ සිට පහලම නිලධාරියා දක්වා නිවාඩුද අවලංගු කරමින් සිදු කිරීම විශේෂත්වයක් විය.
කෙසේ වෙතත් දිවා රාත්‍රී යාපනයේ සදු කල සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ආවා කල්ලිය පාලනය කල බවට සැක කෙරෙන ප්‍රභල සාමාජිකයින් තිදෙනෙකු යාපනයෙන් පැන ගොස් කොළඹ සැගව සිටින බවට තොරතුරු ලැබීමත් සමග විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අදාල සැකකරුවන් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම් පාර වව්නියාව පදිංචි ආෆ්ඩීන් මෙහොඩ් ඉත්තම් , දුම්රියපල පාර යාපනයේ පදිංචි සිවකුමාර් කිලියොන්, ඔට්ටුමඩම් යාපනයේ පදිංචි රාසේන්ද්‍රන් සින්දුජන් යන අය වන අතර අද (30) දිනයේදී මොවුන් තිදෙනා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS