ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (14) කිලිනොච්චිය විශේෂ කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට පැවරීම සඳහා පැවති ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (14) කිලිනොච්චිය විශේෂ කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට පැවරීම සඳහා පැවති උත්සවයට සහභාගී වෙමිනි. ආර්ථික මධ්‍යස්ථානයේ සමරු ඵලකය නිරාවරණය කර කෘෂි ආර්ථික මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
කිලිනොච්චිය ජනතාවට කෘෂි නිෂ්පාදනවලට හොද මිලක් ලබාදීම මෙන්ම පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීමේ අරමුණින් ඉදිකර ඇති මෙම කෘෂි ආර්ථික මධ්‍යස්ථානය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 110 කි.
කිලිනොච්චිය ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය විවෘත්ත කිරීමෙන් පසුව උත්සව අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා,
‘මා ඉතාමත් සතුටු වනවා අද කිලිනොච්චිය ප්‍රදේශයේ තමුන්නාන්සේලගේ සේවාව සඳහා වෙළඳ ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් විවෘත්ත කිරීමට ලැබීම ගැන. මෙවැනි ආර්ථික මධ්‍යස්ථාන ලංකාව පුරාම පිහිටුවලා තියෙනවා. නමුත් තමුන්නාන්සේලාගේ ප්‍රදේශට එවැනි දෙයක් තිබුණේ නෑ. ඒ නිසා අද තමුන්නාන්සේලාට විශේෂයෙන්ම ගොවි ජනතාවට හා ව්‍යාපාරික අංශයට බලපාන මේ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන්න ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. තමුන්නාන්සේලා දන්නවා මේ වන විට රජය ගොවි ජනතාව සහ නිලධාරී සියළු දෙනා එක්ව අපේ රටේ ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් ආරම්භ කරලා තිබෙනවා. තමුනනාන්සේලා වෙනුවෙන් මෙහිදී කතාකරපු සෙල්වරාණි මහත්මියත් තිරුණාවුකරසු මහත්මයත් තමුන්නාන්සේලාගේ ප්‍රදේශයේ තිබෙන ප්‍රශ්න ගැන කතා කරා. ඒ දෙදෙනාම තිබන ජල ප්‍රශ්නය ගැන කිව්වා. කෘෂිකර්මයට අවශ්‍ය ජලය වගේම බොන්න වතුර නැති ප්‍රශ්නය කිව්වා. තමුන්නාන්සේලා දන්නවා දැන් අවුරුදු එකහමාරක් අපේ රටේ දිස්ත්‍රික්ක 12 ක වර්ෂාව නැතුව විශාල නියඟයක් තියෙනවා. ඒ වගේම තවත් දිස්ත්‍රික්ක ගණනාවක ගංවතුර ගලලා ඒ ප්‍රදේශ විනාශ වුනා. රටේ එක් ප්‍රදේශයක් නියඟය නිසා විනාශ වුනා තවත් ප්‍රදේශයක් ගංවතුර නිසා විනාශ වුනා. මේ නිසා රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය ආහාර නිෂ්පාදනය මේ අවුරුදු එකහමාරේ 50% කින් පහත වැටුනා.'
'මේ ප්‍රශ්නය තියෙන්නේ අපේ රටට විතරක් නෙමෙයි. මේ කාලගුණික හා දේශගුණික විපර්යාසයන් එක්ක සෑම රටකම විශාල ව්‍යවසනයන් ප්‍රශ්න රාශියක ඇති වෙලා තිබෙනවා. තමුන්නාන්සේලා දකින්න ඇති ඊයේ පෙරේදා රූපවාහිනීවල ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ විශාල ලැව් ගින්නක් ඇති වෙලා තවම ඒක නවන්න බැරුව ගිහින් තියෙනවා. විශාල විනාශයක් වෙලා තියෙනවා. ලෝකයේ අද බොහෝ රටවල්වල මේ සුළිසුළං, නියඟය, ගංවතුර, ලැව්ගිනි ඒ වගේම භූමිකම්පා මේ වගේ දේවල් විශාල වශයෙන් සිද්ධවෙනවා. ඒනිසා ලෝකයේ අනික් රටවල් වලත් ආහාර නිෂ්පාදනය පහත වැටිලා තියෙනවා. නිෂ්පාදනය පහත වැටෙනකොට මිල ඉහළ යනවා. ඒ අවශ්‍ය ආහාර හා භාණ්ඩවල හිඟයක් ඇති වෙනවා. අපේ රට වගේම රට අවට තියෙන රටවල් වලත් තත්ත්වය ඒකයි. අපිට පිටරටින් පහුගිය මාස කීපය තුළ හාල් ගේන්න සිද්ධ වුනා. ඒ රටවල්වලත් සහල් මිල හුඟක් වැඩියි. නමුත් අපේ රටේ ජනතාවට අවශ්‍ය සහල් ප්‍රමාණය පිටරටින් හරි ගෙනල්ල කන්න දෙනවා. මේ නියඟය නිසා ගොවි ජනතාවගේ ආර්ථිකය හුඟක් පහත වැටිලා තියෙනවා. දුප්පත්කම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම මේ පිළිබඳ සොයලා බලලා අවශ්‍ය විසඳුම් දීම රජය මඟින් කරගෙන යනවා. යාපනය, කිලිනොච්චිය, මුලතිව් නැත්නම් උතුරු ප්‍ර දේශය ඇතුළු ලංකාවේ දිස්ත්‍රික්ක 12කට අපි වියළි ආහාර සලාකයක් දෙනවා මේ නියඟය නිසා ඒ ගොවි ජනතාවට වෙලා තියෙන ආර්ථික අමාරුකම් නිසා. පවුල් ලක්ෂ 8කට අපි මේ වියළ ආහාර සලාකය දෙනවා. මේ නිසා අපිට එක මාසයකට වියදම් වෙනවා කෝටි පන්සියය දහයක්. නමුත් අපි ආන්ඩුව සල්ලි බලන්නැතුව ජනතාවගේ බඩගින්න බලලා තමයි මේ පවුල් ලක්ෂ 8කට මේ වියළි ආහාර සලාකය දෙන්නේ.'
'අපි ලංකාවේ අනෙක් පලාත් වලට වගේම උතුරු ප්‍රදේශයටත් සංවර්ධනය පතා අවුරුද්දකට ඉතා විශාල මුදලක් වෙන් කරනවා අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම යන අංශවලටත් අවුරුදු පතා අපි විශාල වශයෙන් මුදල් දෙනවා. ඒ වගේම රජයේ රේඛීය අමාතයංශය හරහාත් මේ ප්‍රදේශවලට මුදල් වෙන් කරනවා හැම අවුරුද්දෙම නමුත් මට පේන දෙයක් තියනවා විශේෂයෙන් මේ මුදල් හරියට වැය වෙන්නෙ නෑ කියන එක සමහර වෙලාවට මුදල් ආපසු යනවා නමුත් අපි මේ ගැන සොයා බැලිය යුතු අවශ්‍යතාවයක් මම දකිනවා අපි රජය විදිහට බලාපොරොත්තුව තමුන්නාන්සෙලාට හොඳ ආර්ථිකයක් ඇති කිරීම මං අද උදේ යාපනයේ ගොවි ජනතාව සමග කතා කළා ඒ ගොල්ල කියූ ප්‍රශන්යක් තමයි බැංකු වලට හුගක් ණය තියනවා ගෙවා ගන්න ක්‍රමයක් නෑ කියලා ඒ නිසා මං බලාපොරොත්තු වෙනවා රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් ගෙන්නලා මේ ණයවලින් ගොවි ජනතාව නිදහස් කරගැනීම ගැන ඒ අයත් එක්ක සාකච්ඡාවක් කරන්න ඒ වගේම ඒ ගොවි ජනතාව ඉල්ලීමක් කළා අර්තාපල් මිරිස් වැනි දෑ මේ ප්‍රදේශවල වගා කරන්න පුලුවන් පිටරටින් ගේන එක නවත්තල දෙන්න කියලා.'
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී.හැරිසන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන් යන මහත්වරුන් ද පොලිස්පති, ගුවන්හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීද, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක්ද එක්ව සිටියහ.
වන්නි රොමේෂ් මදුසංක
COMMENTS