ස්පාඤ්ඤ අගමැති මරියානා රහෝයි ඊයේ දිනයේ කැටලෝනියානු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ප්‍රකාශ කර සිටියේ හිටපු කැටලෑන් නායකයාට ද දෙසැම්බර...
ස්පාඤ්ඤ අගමැති මරියානා රහෝයි ඊයේ දිනයේ කැටලෝනියානු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ප්‍රකාශ කර සිටියේ හිටපු කැටලෑන් නායකයාට ද දෙසැම්බර් 21 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබෙන කැටලෝනියානු මැතිවරණයට ඉදිරිපත් විය හැකි බව ය. ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය විමධ්‍යගත කිරීමට අදාළ 155 වන වගන්තිය ප්‍රකාරව මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකරන ලදී.
ජනමත විචාරණයේ නීතිවිරෝධී භාවයට අමතරව සමස්ත ස්පාඤ්ඤ වැසියන් අවධාරණය කරන තවත් කරුණක් වන්නේ එම ජනමත විචාරණයේ අඩු ජනතා සහභාගිත්වයයි.
ජනමත විචාරණයේ ප්‍රකාශිත ඡන්දවලින් 90%ක් නිදහස් කැටලෝනියාවකට පක්ෂ වුවද, එහිදී ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය වූයේ 43% කි. මේ අනුව සමස්ත කැටලෝනියානු ජනතාවගෙන් කැටලෝනියාව බෙදී වෙන් වී යාමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ 38% ක ප්‍රමාණයක් පමණි.
එක්සත් ස්පාඤ්ඤයක් වෙනුවෙන් කැටලෝනියාවට එරෙහිව බාසිලෝනා නුවර රැස් වූ ලක්ෂ 3කට ආසන්න මෙම උද්ඝෝෂකයන්ගේ ප්‍රධානතම උද්ඝෝෂණ පාඨයක් වී තිබෙන්නේ “38% ක් රටක් ලෙස වෙන් වී යන්නට සෑහේද?” යන්නයි. කැටලෝනියානු පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය ද ඔවුන්ගේ දැඩි විවේචනයට ලක් වෙමින් තිබේ.
බාසිලෝනාව යනු කැටලෑන් පළාතේ විශාලම නගරයයි. එය වාණිජ අගනුවර වශයෙන් ද සැලකේ. ඒ අනුව නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ මෙම උද්ඝෝෂකයන් ද කැටලෝනියානුවන්ම බව ය. මේ අනුව පෙනී යන්නේ කැටලෝනියානුවන්ගෙන් අති බහුතරය පවා කැටලෝනියාව වෙනම රාජ්‍යයක් ලෙස බෙදී වෙන් වී යාමට දක්වන අකමැත්ත බව නිරීක්ෂකයෝ තවදුරටත් පෙන්වා දෙති.
- අමාලි ජයවීර
COMMENTS