ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන හේලීස් පීඑල්සී, LMD 100 ව්‍යාපාර වර්ගීකරණයේ පළමු ස්ථානයට...
ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන හේලීස් පීඑල්සී, LMD 100 ව්‍යාපාර වර්ගීකරණයේ පළමු ස්ථානයට පැමිණ තිබේ. ඒ 2016/17 වසර සඳහා සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුවය. පසුගිය වසරේ දී දෙවන ස්ථානයේ සිටි හේලීස් පීඑල්සී මෙවර පළමු ස්ථානයට පැමිණියේ එවර පළමු ස්ථානයේ වැජඹි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී දෙවැනි තැනට පත්කරමිනි.
පසුගිය වර නව වන ස්ථානයේ පසු වූ හැටන් නැෂනල් බැංකුව මෙවර මෙම ශ්‍රේණිගත කිරීමේ තෙවැනි තැන දක්වා උසස් වීම් ලැබ ඇති අතර කොමර්ෂල් බැංකුව සිව්වන ස්ථානයේ පසුවන්නේ පසුගිය වර තම ස්ථානය එලෙසම රැක ගනිමිනි.
LMD 100 ව්‍යාපාර වර්ගීකරණයේ පළමු සමාගම් 20 අතරට ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් හිමිකම දරන සමාගම් 4 ක් ඇතුළත් වීම විශේෂත්වයකි. එනම් පළමු ස්ථානය හේලීස් පීඑල්සී, 11 වන ස්ථානය සම්පත් බැංකුව, 16 වන ස්ථානය වැලිබල් වන් හා 18 වන ස්ථානය සිංගර් ශ්‍රී ලංකා ලෙසිනි.
2016/17 LMD 100 ව්‍යාපාර වර්ගීකරණයට අනුව පළමු ස්ථාන 20 පසුවන සමාගම් පහත පරිදි වේ.
1. හේලීස්
2. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්
3. හැටන් නැෂනල් බැංකුව
4. කොමර්ෂල් බැංකුව
5. ලංකා ඔරික්ස් ලීසිං
6. ඩයලොග් ආසියාටා
7. සී ටී හෝල්ඩිංග්ස්
8. කාර්ගිල්ස්
9. ලංකා අයි ඕ සී
10. ශ්‍රී ලංකා ටෙලිකොම්
11. සම්පත් බැංකුව
12. කාර්සන් කම්බර්බැච්
13. බුකිට් ඩාරා
14. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්
15. සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්
16. වැලිබල් වන්
17. රිචඩ් පීරිස්
18. සිංගර් ශ්‍රී ලංකා
19. එයිට්කන් ස්පෙන්ස්
20. ඩිමෝ
COMMENTS