ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂයට ජයග්‍රහණය කළ නොහැකි බවත් එම පක්ෂයේ සාමාජිකයන් රැසක් ඉදිරියේදී ජනාධිපතිවරයා හා එක්වීම...
ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂයට ජයග්‍රහණය කළ නොහැකි බවත් එම පක්ෂයේ සාමාජිකයන් රැසක් ඉදිරියේදී ජනාධිපතිවරයා හා එක්වීමට නියමිත යැයි මහනුවර දී පැවැති පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා කීවේය.
සමස්ථ කුරුණෑගල ආසනය දිනවීමට මෙන් එම ආසනයෙන් ඡන්දය ඉල්ලා සිටි මහින්ද රාජපක්ෂ මහතා නිසා මන්ත්‍රීවරුන් තිදෙනෙකු අහිමිවුණා පමණක් නොව ඡන්ද 89,000කින් ජයග්‍රහණය වී තිබුණු එම ආසනය ඡන්ද 28,000 දක්වා අඩු වුණා යැයි කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් එම පක්ෂයට හතරුකම් කරන අය කොපමණ ජ්‍යෙෂ්ඨයින් වුවත් ඔවුන් පක්ෂයෙන් ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. ඔවුන් නොයෙක් ප්‍රකාශ කළත් පසුගිය කාලය තුළ ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ දමමින් පොහොට්ටු පක්ෂය ප්‍රවර්ධනය කළ බව රටම මුළු රටම දන්නවා.
ඡන්ද ඉල්ලා කෑගහන ඒකාබද්ධයේ අඬහැරය මෙයට පෙර දීද අපි හොඳ හැටි අසා තිබෙනවා.
පසුගිය මහ මැතිවරණයේදී මහින්ද රැල්ලක්,මහින්ද සුළිසුළඟක්,මහින්ද සුනාමියක් තියෙන බවට ප්‍රකාශ කරමින් මැතිවරණයට ඉදිරිපත්ව අවසානයේ සිදුවූයේ පක්ෂයට තිබූ ලක්ෂ 58 ක ඡන්ද ප්‍රමාණය ලක්ෂ 48 ට ඇද වැටීම බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS