ඒ සඳහා ඔහු පාදක කර ගන්නේ පසුගියදා නිමාව දුටු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරුගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ නිරීක්ෂණයන් ය. . 2018...
ඒ සඳහා ඔහු පාදක කර ගන්නේ පසුගියදා නිමාව දුටු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරුගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ නිරීක්ෂණයන් ය.
. 2018 සැප්තැම්බර් මස ශ්‍රී ලංකාව විසින් ජගත් මානව හිමිකම් කවුන්සිය වෙත ඉදිරිපත් කළ යුතු සවිස්තරාත්මක වාර්තාවට පෙර ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමයේ අපේක්ෂිත ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙසට ද ඔහු ඉල්ලා ඇත.
එම නිවේදනයේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.
2017 ඔක්තෝබර් 27
සත්‍යය, සංහිඳියාව, හානි පූරණය සහ නැවත සිදුනොවන බව සාක්ෂාත් කරගැනීමේ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පැබ්ලෝ ඩි ග්‍රීෆ් මහතා විසින් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සිදුකිරීමෙන් අනතුරුව නොබෝදා පළ කර තිබූ අදහස් දැක්වීම මා විසින් උනන්දුවෙන් යුතුව සැලකිල්ලට ලක් කරන ලදී. සංක්‍රාන්ති යුක්තිය ඇතුළුව ඉතා විශාල වැදගත්කමකින් යුතු ක්ෂේත්‍රයන් ගණනාවක ප්‍රමාණවත් ප්‍රගතියක් සිදුවී නොමැති බව ඔහු විශ්වාස කරන බව කියවීමෙන් මම බලාපොරොත්තු කඩවීමට ලක්වීමි. මා විශේෂ අවධානයක් යොමු කරනුයේ නොවිසඳුණු ඉඩම් ගැටළු, යල් පිනූ සහ අවභාවිතයට පත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යෙදීම් සහ මානව හිමිකම් හා සමාජ ක්‍රියාකාරීන් මර්දනයන් ශ්‍රී ලංකාවේ තවමත් පවතින බව සිදුවීම පිළිබඳව ය.
මා විසින් පසුගියදා ජිනීවා හිදී ඉස්මතු කළ මාතෘකාවක් වූ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සඳහා වඩා හොඳ සම්පත් උවමනා කෙරේ. ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් මෙන්ම නිර්හමුදාකරණය සමග එක්වූ රටේ උතුරු නැගෙනහිර සහයෝගය ද මේ පියවර ඉදිරියට ගෙන යාම සඳහා උපකාර කරගත හැක.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මන්දගාමී ප්‍රගතිය සහ අධිකරණය ශක්තිමත් කිරීමේ අපරිණත උත්සාහයන් මධ්‍යයේ වුවද මා විශ්වාස කරන්නේ මීට වඩා දේ කළ හැකි බව ය. 2018 සැප්තැම්බරයේ ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ යුතු සවිස්තරාත්මක වාර්තාවට පෙර සාම ප්‍රතිසංස්කරණය කඩිනම් කරන ලෙසට ආණ්ඩුවෙන් සහ ශ්‍රී ලංකාවේ නායකත්වයෙන් ඉල්ලා සිටිමි.
පෝල් ස්කලී
සර්වපාක්ෂික දමිල පාර්ලිමේන්තු කණ්ඩායම් නායක
සට්න්, චීම් සහ වෝචෙස්ටර් පාක් සඳහා වූ කොන්සවේටිව් පාර්ලිමේන්තු සාමාජික
COMMENTS