මෙතෙක් පිළිකා රෝගීන්ට නොමිලේ ලබාදෙන ප්‍රතිකාර රුපියල් ලක්ෂ 15 කට සීමා කර තිබූ බවත් එහෙත් එම සීමාව අද වනවිට ලක්ෂ 100 දක්වා ඉහළ දමා ඇති බවත...
මෙතෙක් පිළිකා රෝගීන්ට නොමිලේ ලබාදෙන ප්‍රතිකාර රුපියල් ලක්ෂ 15 කට සීමා කර තිබූ බවත් එහෙත් එම සීමාව අද වනවිට ලක්ෂ 100 දක්වා ඉහළ දමා ඇති බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කලේ ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් අලුත්ගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සභාගිවෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා,
'පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබාදෙන්න බැරිනම් නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වන්නේ නැහැ. පිළිකා රෝගීන්ට ඖෂධ හා ප්‍රතිකාර ලබාදීම රුපියල් ලක්ෂ 15 දක්වා සීමා කර තිබුනා. නමුත් එම සීමාව ඉවත් කරලා අද වනවිට ලක්ෂ 100 ඉක්මවා රෝගීන්ට ප්‍රතිකාර කරනවා. එම නිසා එම රෝගීන් ජීවත් වෙනවා. මෙරට පියයුරු පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ඉතාම මිල අධිකයි. ඒ සදහා එක වෙළෙද නාමයක් යටතේ ඇති ඖෂධ පමණයි ලියාපදිංචි කර තිබුනේ. දෙවන ඖෂධයක් මේ සදහා ලෝකය පිළීගත් සමාගම්වල නිෂ්පාදනය කරනවා ද කියා සොයාබලන ලෙස මම ජාතික ඖෂධ නියාමණ අධිකාරියට දැනුම් දුන්නා. ඒ අනුව රුසියානු ඖෂධය මෙරටට හදුන්වා දුන්නා. සායනික විශ්ලේෂණයකින් අනතුරුව තමයි මෙම රුසියානු ඖෂධය හදුන්වා දුන්නේ. මෙය ලෝකය පිළිගත් ඖෂධයක්. ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධ අධිකාරියත් පිළිගෙන තිබෙනවා. නමුත් අපේ රටේ ඇතැම් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු එම රුසියානු ඖෂධය හොද නෑ කියනවා. තවත් ආදේශ ඖෂධ ඉදිරිපත් නොකිරීමට කොමිස් පවා ලබා දී තිබෙනවා.'
'ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධ අධිකාරිය ලොව පිළිගත් ඖෂධ අධිකාරියක්. එම අධිකාරිය ද මෙම රුසියානු ඖෂධය පිළීගෙන තිබෙනවා. පියයුරු පිළිකා ඖෂධ ආනයනය කිරිම සදහා වසරක දී රුපියල් බිලියන 02 ක මුදලක් වැය කරනවා. නමුත් නව රුසියානු ඖෂධය හදුන්වාදීමෙන් රුපියල් බිලියන 01 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වුනා. මීට පෙර ස්විස්ටර්ලන්තයේ බහු ජාතික සමාගමක් ආනයනය කළ ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන්නේ රුපියල් 280000 කටයි. නමුත් රුසියානු ඖෂධය රුපියල් 141000 කට ලබාදුන්නා. පසුව ස්විස්ටර්ලන්තයෙන් ආනයනය කරන ලද ඖෂධය ද රුපියල් 165000 දක්වා මිල අඩු කළා. සමාගම් වල ඖෂධ මාෆියාවට බිය නොවී මම කටයුතු කරනවා.'
COMMENTS