මෙසේ වදාරා ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට හිමිනමක් වන ඇල්ලේ ගුණවංශ හිමියන්ය. එසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක මහින්ද හිතවාදී කතුවරය...
මෙසේ වදාරා ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට හිමිනමක් වන ඇල්ලේ ගුණවංශ හිමියන්ය. එසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක මහින්ද හිතවාදී කතුවරයෙකුටය. ඊට පාදක වූ කතාව මෙසේය.
පසුගිය දිනයක උදෑසනම ඇල්ලේ ගුණවංශ හිමියන් රට-දැය-සමය පිළිබඳව බරපතල සාකච්ඡාවක් සඳහා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 07, විජේරාම නිවස වෙත වැඩම කොට ඇත්තේ උදෙන්ම ගිය තරමට ජනී ජනයා නැති බැවින් තමන්ගේ සාකච්ඡාව සාර්ථකව නිම කිරීමට හිතාගෙනය.
උදේ හතට පමණ ගුණවංශ හිමියන් එහි යනවිටත් හිටපු ජනාධිපතිවරයාගේ කිට්ටුම හිතවතුන් එහි පැමිණ සිටිනු දක්නට ලැබී ඇත.
ඔවුන් අතර වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි (මොහු ඉතිහාසගත වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රාදේශීය සභාව තුළම අල්ලස් ලබාගෙන මාට්ටු වූ බැවිනි), උපාලි කොඩිකාර (අමාවතුර නව කර්තෘ), ජොන්ස්ටන් ප්‍රනාන්දු නොහොත් අරක්කු ජොනී, චේන් කඩපු රත්තරන් නොහොත් රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, දෙවුන්දර විෂ්ණු දේවාලයේ හිටපු බස්නායක නිළමේ ලවා දත් කඩාගත් කුමාරසිරි හෙට්ටිගේ වැනි අය දුටු ඇල්ලේ ගුණවංශ හිමි, හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන්ගෙන් විමසා ඇත්තේ 'මේ මිනිස්සු ඉන්නෙ මේ ගෙදරම ද ?' කියාය.
'නෑ හාමුදුරුවනේ, මහින්ද මහත්තයා නැගිටින්න කලින් මේ අය සිරිතක් වශයෙන් හැමදාම එනවා. මුන්ට වැඩක් නැති නිසා හිටපු ජනාධිපතිතුමා යන යන හැම තැනම මේ කට්ටියත් එක්කන් යනවා' යනුවෙන් ආරක්ෂක නිළධාරීන් පිළිතුරු දී ඇත.
තමන් ආ කාරණය මේ පිරිස ඉදිරියේ සාකච්ඡා කිරීමට අකමැති වූ ඇල්ලේ ගුණවංශ හිමියන් තමා ආ බව මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දෙන ලෙස පවසා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත. ඉන්පසු තම පන්සල වෙත වැඩම කර ඇති ගුණවංශ හිමි අදාල ජාතික පුවත්පතේ කතුවරයාට දුරකතන ඇමතුමක් දී පවසා ඇත්තේ 'අර වාහෙ හදන්ඩ බෑ ඕයි......! කොච්චර කිව්වත් අහන්නෑ නෙ. උදේ නැගිටින්නෙත් හොරු සමග නැගිටිමු කියාගෙන. අපි රටේ ජාතික බලවේග සේරම ඒ වාහෙගෙ වටේ පෙළගස්වන්න හදනවා. ඒ වාහෙ කරන්නෙ උදේ ඉඳන් හවස් වෙනකං හොර නඩ පිරිවරාගෙන උසාවි ගානෙයි රිමාන්ඩ් ගානෙයි මගුල් ගෙවල්, මළ ගෙවල් ගානෙයි යන එක. මීඩියාවලට වොයිස් කට් දෙනකොට වටේම ඉන්නෙ හොරු. මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ. රටේ ජාතික බලවේගවලට වඩා මේ වාහෙට මේ හොරු ටික ලොකුයි. කවදාවත්ම ආයෙ ගොඩ ඒමක් නෑ' කියාය.
(උපුටා ගැනීම : LNW)
COMMENTS