දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මංගල ඇමතිතුමෝ, ලංකා බැංකුව හොරු කඩලා."
Homeප්‍රවෘත්ති

"මංගල ඇමතිතුමෝ, ලංකා බැංකුව හොරු කඩලා."

PropellerAds

මුදල් ඇමැති මංගල සමරවීර මීට සති දෙකකට පෙර ලංකා බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කිරීමට තීරණය කළ බවට මාධ්‍ය වාර්තා පළවී තිබිණි. ඒ අනුව තවත් බිලියන ...

ජනතාවට සුර සැප දෙන දිව්‍ය ලෝකයට ගෙනයන්න මං සූදානම් - සජිත්
තාත්තාගෙන් පුතාට එජාපය රජකම දෙන්නෙ නෑ - දයා ගමගේ
අගමැතිගෙන් ඇමතිලාට නියෝගයක් : හිස්බුල්ලා ආණ්ඩුවේ හිස් අවුල් කරයි

මුදල් ඇමැති මංගල සමරවීර මීට සති දෙකකට පෙර ලංකා බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කිරීමට තීරණය කළ බවට මාධ්‍ය වාර්තා පළවී තිබිණි. ඒ අනුව තවත් බිලියන 5 ක මුදල් ඒ වෙනුවෙන් වෙන් කර ඇත. ඒ ලංකාවේ විශාලතම බැංකුව වන ලංකා බැංකුව මඟින් වඩා වැඩි සේවාවක රට වෙනුවෙන් ඉ‍ටු කිරීමේ බලාපොරොත්තුව ඇතිව විය හැකිය. 

එහෙත් ලංකා බැංකුව පැත්තෙන් නම් අපට අහන්නට ලැබෙන්නේ වෙන කතාවකි. ලංකා බැංකුවේ ඉහල නිලධාරීන් මේ යහපාලනයේ ගෙවුනු වසර දෙක තුලම සිදු කර ඇත්තේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කිරීම නොව තමන්ගේ හා තම හිතවතුන්ගේ බඩගෝස්තරය සොයා ගැනුමට ලංකා බැංකුව මුදල් කොල්ල කෑමය. ඒ එසේ මෙසේ ගනනක් නොව දැන ගැනීමට තිබෙන පරිදි බිලියන් ගනනකි. එසේම මේ කොල්ල කෑවේ..බැඳුම්කර ගනුදෙනුව මෙන් සංකීර්ණ වටපිටාවක නිත්‍යානූකුල සොරකමක් ලෙස නොව මහ දවාලේය. නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින්ය. 

'ලක්ෂ 12,000 ක් නිකම් දීලා..'

වාර්තාවන අලුත්ම සිදුවීම ලංකා බැංකුවේ මෙට්‍රපොලිටන් ශාඛාව මඟින් කූට ව්‍යාපාරිකයකුට කිසිදු ඇපකරයක් ,ලියැවිල්ලක් නොමැතිව රුපියල් බිලියන 1.2 ක් හෙවත් ලක්ෂ 12,000 ක ණයක් නිකුත් කිරීමය. මෙහි ඇති බරපතලම දේ මේ ණය නිකුත් කිරීම නොවේ. ණයකරුවා ණය නොගෙවන්නේ යැයි කියමින් එම ණය, ' බොල් ණය ' ලෙස කිසිදු වග විභාගයකින් තොරව කපා දැමීමට ලංකා බැංකු ප්‍රධානින් කටයුතු සූදානම් කිරීමය. 

'පංසලේ පිංකැටෙත් සුද්ද කරපු චමින්ද '

මේ ණය ලබා ගත් ව්‍යාපාරිකයා චමින්ද ක‍ටුගම්පොලය. මොහුගේ ප්‍රධාන් ව්‍යාපාරික ස්ථානය වන්නේ ' කඩුවෙල එන්ටප්‍රයිසස්' නම් වාහන ආනයනය කර අලෙවි කරන ව්‍යාපාරික ස්ථානයයි. මොහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෝක හොරෙකි. ජාවාරම්කාරයෙකි. නමුත් පසුගිය ආණ්ඩුවේද මේ ආණ්ඩුවේද ඇමැතිවරු හරහා ගොඩ නගාගෙන තිබෙන දේශපාලන හයිය නිසා කාලයක් තිස්සෙ මේ නීති විරෝධී සටකපටකම් හොඳින් කරගෙන ගියෙය. දැන් මොහු මෙරට නැත . ආරංචි හැටියට මොහු සිය දරු පවුල සමඟින්ම ඕස්ට්‍රෙලියාවට පැන ගොස් තිබේ.. ඒ නිකම් නොවේ බිලියන් 15 ක පමණ ධනයක්ද මෙරට රාජ්‍ය ආයතන හා විවිධ ව්‍යාපාරිකයගෙන් පමණක් නොව පන්සල් පිං කැට පවා කොල්ල කාගෙනය. කඩුවෙල නවගමුව පත්තිනි දේවාලයට හා එම විහාරයට නිතිපතා ලැබෙන පිං කැට සල්ලි වලින් කොටසක් එනම් රුපියල් කෝටි 10 ක් මෙම විහාරාධිපති විසින් මොහුට පොලියට ලබා දී තිබු බවද හෙළිව තිබේ.. එමෙන්ම ප්‍රදෙශ්යෙ ව්‍යාපාරිකයන් ගන්නාවකට හා දේපල වෙලදාම් ආයතන හා බැංකු ගනනාවකටම කෝටි ගනනින් පොලු තබා තිබේ.

'ලංකා බැංකු ලොක්කත් හවුල්'

ඒ කෙසේ වෙතත් මොහු ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 1.2 ක් කිසිදු අපහසුවකින් තොරව ලබා ගත්තේ , මේ බැංකු ප්‍රධානින්ද මොහුගේ ජාවාරම්කාර ව්‍යාපාර සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම නිසා බව මේ සම්බන්ධයෙන් ලංකා බැංකුවේ අභ්‍යන්තර විමර්ශනයක දී අනාවරණය වී තිබේ. 

ලංකා බැංකුවේ සභාපතිවරයාවන්නේ රෝනල්ඩ් සි පෙරේරාය එම බැංකුවේ සියලු ක්‍රියාකාරී කටයුතු සම්බන්ධයෙන් වගකීම් උසුලන සාමාන්‍යාධිකාරිවරයා වන්නේ ඩී එම් ගුණසේකරය. චමින්ද ක‍ටුගම්පොල මේ ගේම් එක ගැහුවේ සාමාන්‍යාධිකාරිවරයා හවුල්කරගෙන බවට කිසිදු සැකයක් නැත. එමෙන්ම ලංකා බැංකුවේ සභපතිවරයාගේ පූර්ණ ආශිර්වාදයද මේ සඳහා ලැබී ඇති බවට කැට තැබිය හැක. මන්ද රුපියල් බිලියන 12 ක විශාල මුදලක් ව්‍යාපාරිකයකුට ණය ලෙස ලබා දීමේදී මෙට්‍රපොලිටන් වැනි බැංකු ශාඛාවකට තනි තීරණයක් ගැනීමේ කිසිදු නීතිමය හැකියාවක් නැත. ඒ සඳහා බැංකු සභාපතිවරයා ඇතුලු එම අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි විය යුතු නිසාය. ලංකා බැංකුවේ ආයතනික ශාඛාව මඟ හැර මේ වංචාව සැලසුම් සහගතව සිදු කිරීම සඳහා මෙම මෙට්‍රපොලිටන් ශාඛාව තොරා ගැනීම සිදුව තිබෙන බවත් පැහැදිලිය. මන්ද මේ ආකාරයේ විශාල මුදල් ගනු දෙනු වීමේ ක්‍රමවේදය වන්නේ ආයතනික ශාඛාව දැනුමවත් කිරිම මඟින් ඒ සිදු කිරීමය.

'කටුකෑ සොක්කන් මාට්ටු'

පසුව මෙම ණය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබෙන විට සිදු කළේ ඒ ණය මුදල නිකුත් කළ මෙට්‍රොපොලිටන් ශාඛාව බාරව සිටින සහකාර සාමාන්‍යාධිකාරී වරයකු වන හේමජිත් නැමැත්තා සහ ඔහු යටතේ සේවය කළ නිලධාරිනියන් තිදෙනා පිට වරද පටවා ඔවුන්ගේ වැඩ තහනම් කිරීමය. එහෙත් තමන්ට තමන්ගේ ඉහළ නිලධාරියා ‘අදාල ව්‍යාපාරිකයාට ඒ මොහොතේ අවශ්‍ය මුදල් ලබා දීමට නොහැකි වුනොත් ඉන් වැඩක් නොවන නිසා අදාල ලියකියවිලි පසුව සකස් කර ගන්නා ලෙස දැන්වා ඒ මොහොතේ ණය මුදල නිකුත් කරන ලෙස තර්ජනාත්මකව පැවසීම නිසා ඒ තමන්ට සිදුකිරීමට වූ බව ඔහු පවසා ඇත. එහෙත් අප දන්නා පරිදී මේ පිරිසටද මේ ගනු දෙනුවේ ලාබ ප්‍රයෝජන ලැබී තිබේ. මෙම ගනුදෙනුව සිදු වූයේ ව්‍යාපාරිකයාගෙන් කිසිදු ඇපකරයක් හෝ එම ණය මුදල ඉල්ලුම් කරන්නේ කවර ආයෝජනයක් සඳහාද යන්නවත් නොවිමසාය. 

එහෙත් සාමාන්‍යාධිකාරිවරයා කිසි ගැටලුවක් නොමැතිව එම පු‍ටුවේ වාඩී වී සිටී.මෑතකදී විශ්‍රාම යෑමේ සූදානමින්ද සිටින් මොහුට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගැනිමට යහපාලන ආණ්ඩුවේ ලොක්කොද තවමත් කල් මරමින් සිටීම පුදුම සහගතය.

'හොරාගේ අම්මාගෙන් පේන ඇසීමේ විමර්ශන'

මෙම ව්‍යාපාරිකයා මෙරටින් පැන ගියේ පසුගිය වසරේදී මෙම ණය මුදලත් ලබාගෙනය. ණය වාරික කිසිවක් ගෙව්වෙ නැත. වාරික ගෙවීම නොවන විට ඒ වෙනුවෙන් සිටින පහළ නිලධාරීන් කරන්නේ ඒ ගැන සොයා බැලීමය. ව්‍යාපාරිකයා ගැන කිසිදු තොරතුරක් හෝ ණය ලබාදීම ගැන කිසිදු තොරතුරක් බැංකුවේ තිබී නැත. ඒ සම්බන්ධයෙන් කළ පැමිණිලි හේතුවෙන් විමර්ශනයක් ලංකා බැංකුවේම ප්‍රධානියාගේ අණින් සිදු විය (හොරාගේ අම්මාගෙන් පේන ඇසීමේ ක්‍රමයට) තීන්දුව වූයේ ව්‍යාපාරිකයා ආගිය අතක් සොයා ගැනීමට නොහැකි නිසා එම ණය, බොල් ණය ලෙස කපා හැරිය යුතු බවය. ලංකා බැංකුව සිය ඉතිහාසය පුරා මෙලෙස බොල් ණය ලෙස බිලියන 33 කට වැඩි ප්‍රමාණයක් කපා දමා ඇත. ඒ 33 ට තව එකක් එකතු වීම ඒ හැටි අරුමයක් නොවන්නට ඇත. එහෙත් මේ කපා දැමුවේ අය කර ගත නොහැකි පරණ ණයක් නොවේ. එසේම නීති විරෝධීව ලබා දීපු ණය මුදලකි.

'ණය බොල් වේ ලොක්කොත් බොල් වේ'

බොල් ණය ලෙස මෙම මුදල් කපා දැමුවාට පසුව ඒ ගැන මහ බැංකුවෙන් වත් මුදල් අමාත්‍යංශයෙන්වත් අමුතු විමර්ශන කෙරෙන්නෙ නැත. ඕන හොරෙකුට ලංකා බැංකුවේ ණය ලබා දී ඒවා පසුව බොල් ණය ලෙස කපා හැරීමේ හැකියාව බැංකු ප්‍රධානියාට තිබේ. ඒ එතැනින් අවසන්නය. වත්මන් යහපාලන ආණ්ඩුව පැමිණි විගසම වාගේ වත්මන් ලංකා බැංකු අධිපති රොනල්ඩ් සී පෙරේරා..ලංකාවේ අංක එකේ ධනවතාය කියන ධම්මික පෙරේරාට ලබා දී තිබු ණය මුදලකින් රුපියල් මිලියන 163 එක පෑන් පහරකින් කපා දැමීමට කටයුතු කළ ආකාරය අපට මතකය. මෙලෙස පසුගිය වසර දෙක තුල තවත් බිලියන ගනනක් මෙසේ කපා හැර තිබේ..දැන ගැනිමට තිබෙන තොරතුරු අනුව මෙම මෙට්‍රපොලිටන් ශාඛාවෙන්ම පුද්ගලික ණය ලෙස මිලියන් 25 ගනනේ ව්‍යාපාරිකයන් දස දෙනෙකුට පමණ පසුගිය කාලයෙහි ගෙවා ඇති නමුත් ඒ එකදු සතයක්වත් ආපසු ලැබී නැත.ඒවාද බොල් ණය ලෙස කපා දමා ඇත. 
  
මේ කපා දමන්නේ රෝනල්ඩ් සී පෙරෙරාගේවත් වෙනත් ලොක්කෙකුගේවත් මුදල් නොවේ..මේ රටේ අසරණ මිනිස්සු දහඩියෙන් මහන්සීයෙන් හරිහම්බු කර සුරක්ෂාවට බැංකුවේ තැන්පත් කරන මුදල්ය. මේවා හෙණ ගහනා ජාතික අපරාධය. මේ සිදුවීම අද ඊයේ සිට වන ඒවා නොවේ. යහපාලනයේ නාමයෙන් වසර 2ක් තිස්සෙ වෙන දේවල්ය.   

'රාජපක්ෂලාගේ ගේම ගැහුවෙත් මෙයා..මෛත්‍රීට ගානක්වත් නෑ'

කොහොම නමුත් මේ මහා වංචාව සිදු කිරීමට චමින්ද ක‍ටුගම්පොලට සහය වූයේ ඔහුගේ සොහොයුරා වන සුසන්ත ක‍ටුගම්පොල නැමැති මිනිස් ජාවාරම්කාරයාය. ඔහු ලංකා බැංකු සාමාන්‍යධිකාරිවරයාගේ ගජ මිතුරාය. මේ සාමන්‍යධිකාරිවරයා ගැනද යමක් සඳහන් කළ යුතුය. මොහු වංචා සහගත ක්‍රියා වෙනුවෙන් චෝදනා ගනනාවක් එල්ල වූවෙකු වේ. වරක් වැඩ තනමටද ලක් වූවෙකි .එහෙත් දේශපාලන සම්බන්ධතා හේතුවෙන් නැවත රැකියාව ලබා ගත් අයෙකි. පසුගිය රාජපක්ෂ සමයේදී රාජපක්ෂවරුන් මෙරටින් කොල්ල කා ගත් මහා ධනස්කන්ධය මෙරටින් පිට කිරීම වෙනුවෙන් සහය ලබා ගැනීමට ශී ෂෙල්ස් දූපත් හී ලංකා බැංකුවේ ශාඛාවක් විවෘත කළ බවට චෝදනාවක් විය. ඒක කෙසේ වුවත් මෙම ලංකා බැංකු ශාඛාව පිහි‍ටු වීමේදීද බරපතල වංචා රැසක් සිදුව තිබිණි. අවශ්‍ය ප්‍රමාණ්යට වඩා මුදල් ඒ වෙනුවෙන් වැය කර තිබේ.නමුත් එම වියදම් සිදුවූ ආකාරය වසං කර ඇත. ඒ සිදු කළේ මේ සාමාන්‍යධිකාරීවරයාය..ඒ සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොඨ්ටාශය විමර්ශනයක් සිදු කරමින් තිබේ. ඒ නිසා හිටපු මුදල් ඇමැති රවී කරුණානයකගේ නියමයේන් මොහුගේ වැඩ තහනමට ලක් කෙරුණද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට එක් වී ඒ හයියෙන් මොහු නැවත එම රැකියාවම ලබා ගැනිමට හැකි විය. මොහු දැන් උග්‍ර මෛත්‍රීවාදියෙකි..පසුගිය කාලයේ සිටි හැම හොරාම දැන් මෛත්‍රීවාදීන් වී සිටින්නෙ නිකම් නොවේ. ඒ හොරුන්ගෙත් හොරුට සුරක්ෂිත තැනකි.

'මංගල තාම හොරෙක් නෙවේ ඒත් හෙට?'

හොරුන්ගේ සහ හොරුන්ගෙත් හොරුන්ගේ පැටිකිරිය එසේ නමුත් ඇමති මංගල සමරවීර යන්නෙහි ගෞරවය ‍රැදී ඇත්තේ ඔහු හොරෙකු නොවන නිසාය. ඔහු වටා හොරු රොත්තක දැන් එක්වී සිටියද ඔහු තවමත් හොරෙක් ලෙස හෝ හොරකමට උදව් කරන්නෙක් ලෙස ලේබල් ගැසී නැත..

අපි දැන් බලා සිටින්නේ මේ ලංකා බැංකුව හූරගෙන කන හොරු සෙට් එක මංගල අල්ලලා පෙන්වන තුරුය. ඒ නොවෙන තුරු මංගල ගැන ඇත්තේ සැකයකි..ඊට පසුව මංගලද හොරාය කියනවා හැර වෙන කියන්න දෙයක් ඉතුරු වන්නෙ නැත..

'ලංකා බැංකුවේ තැන්පතු අනතුරේ'

ඒ කෙසේ නමුත් ලංකා බැංකුව මුදල් තැන්පත් කර ඇති පාරිභෝගිකයන්ට කියන්නේ , ඔබේ මුදල් වක්කඩේ හකුරු හැංගුවා වගේ කර ගන්නෙ නැතුව ඒ ලංකා බෑංකුවෙන් ඉවත් කර ගන්න ලෙසය ඔබ දඩියෙන් මහන්සියෙන් හම්බු කර ගත් මුදල් ලෝක හොරු කිහිප දෙනෙකුට හොරකම් කරගෙන යාමට ඉඩ දිය යුතු නැත.

(Gossip99)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මංගල ඇමතිතුමෝ, ලංකා බැංකුව හොරු කඩලා."
"මංගල ඇමතිතුමෝ, ලංකා බැංකුව හොරු කඩලා."
http://ift.tt/2ynQw7e
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_829.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_829.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy