රත්න අභිමාණී නම් වූ මෙම ඔප්පු ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. නිපුනතා සංවර්ධන හා වෘතීය පුහුණු නිය...
රත්න අභිමාණී නම් වූ මෙම ඔප්පු ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
නිපුනතා සංවර්ධන හා වෘතීය පුහුණු නියොජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතාගේ අදහසක් අනුව සියළුම මැණික් පතල් ශිල්පීන් සංවිධාන ගතකර ඔවුන්ගේ ජාතික සංවිධානය පිහිටුවා එමගින් ශිල්පීන් සඳහා රුපියල් ලන්ෂ 20 වටිනා රක්ෂණ ආවරණ ක්‍රමයක් හදුන්වා දී තිබේ.
පෙයාර් පස්ට් රක්ෂන ආයතනය, නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථාව, ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය, ග්‍රාමීය සංවර්ධන බාංකුව, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යන ආයතන මේ සදහා අනුග්‍රහය දක්වයි.
මෙහිදී විද්වත් කණ්ඩායමක් ලෙස කටයුතු කල අයට සමරු පලක පිළිගැන්වීම ද සිදුවිය.
කැළුම් ශ්‍රීපාලි
COMMENTS