ඊයේ (21) පස්වරුවේ ශ්‍රී ලංකාවේ සිට ඩුබායි බලා ගමන් කිරීමට නියමිතව තිබූ UL 225 ගුවන් යානයෙන් මෙම මුදල් රැගෙන යාමට උත්සාහ දරා තිබුණේ දෙම...
ඊයේ (21) පස්වරුවේ ශ්‍රී ලංකාවේ සිට ඩුබායි බලා ගමන් කිරීමට නියමිතව තිබූ UL 225 ගුවන් යානයෙන් මෙම මුදල් රැගෙන යාමට උත්සාහ දරා තිබුණේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික යුවලකි. වයස අවුරුදු 24ක තරුණයෙකු සහ 22ක තරුණියක මෙසේ රේගු නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වී තිබේ.
මෙම යුවල අදාල මුදල් ගමන් මළු තුළ සඟවාගෙන ගුවන් තොටුපලට ඇතුළු වී ඇති අතර ගමන් මළු පරීක්ෂා කරන (ස්කෑන්) ස්ථාන දෙකක් හරහා නිරුපද්‍රිතව ගමන් කිරීමට ද සමත්ව ඇත. ඔවුන් මඟීන් සඳහා වන විශේෂ පහසුකම් සහිත මැදිරියේ රැඳී සිටියදී රේගු නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් මත හදිසි පරීක්ෂණයක් සිදු කර තිබේ. එහිදී ගමන් මළු තුළ සඟවා තිබූ ශ්‍රී ලංකා රුපියල්, යුරෝ, ඩොලර්, සවුදි රියාල්, බහරේන් ඩිනාර් සහ ඕමාන් රියාල් නෝට්ටු තොගය හමු වී ඇත.
ශ්‍රී ලංකා රේගුව විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර අත් අඩංගුවට ගත් යුවල රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතී.
- මාතරඉදුනිල්කැළුම් ජයවීර
COMMENTS