පසුගිය රජය සමයේ බේරුවල ඇතිවූ සිදුවීම් සිහිපත් කළ අමාත්‍යවරයා අපේම සිංහල සහ මුස්ලිම් ජනතාව භේද කර ගැටුම් ඇති කර රට ගිනි තැබීමට කටයුතු ක...
පසුගිය රජය සමයේ බේරුවල ඇතිවූ සිදුවීම් සිහිපත් කළ අමාත්‍යවරයා අපේම සිංහල සහ මුස්ලිම් ජනතාව භේද කර ගැටුම් ඇති කර රට ගිනි තැබීමට කටයුතු කරවූයේ කවුද යන්න ජනතාවට රහසක් නොවන බව පැවසීය. එහෙත් වත්මන් යහපාලන රජය යටතේ ඒ ජාතිවාදය නැවත ඇවිළවීමට කිසිදු ඉඩක් නොමැති බවත් වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එම ජාතිවාදයට නැවතීමේ තිත තැබූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම එදා බේරුවල සිදුවීම් වලින් හානියට පත් දේපළ සඳහා වන්දි ගෙවීමට වත්මන් රජය යටතේ කටයුතු කෙරෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා වත්මන් රජය ජනතාවගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කර ඇති බැවින් කවුරුන් හෝ නැවත ජාතිවාදය අවුළුවා බලයට ඒමට සිතන්නේ නම් එය සිහිනයක් ම පමණක් බවත් වැඩිදුරටත් පැවසීය.
එසේම තංගල්ල නගරය සංවර්ධනය කිරීම උදෙසා තමන්ට ඇත්තේ පිපාසයක් බව සඳහන් කළ අමාත්‍යවරයා පසුගිය යුගයේ අගමැතිවරුන්, ජනපතිවරුන් බිහි කෙරුණු නගරයක් වුවද එහි සංවර්ධනය සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ කළකිරීමක් බව පැවසීය. තමන් පාලක පක්ෂයේ සිටියද නගරයේ සංවර්ධනය සහ අනෙකුත් අවශ්‍යතා ඉටු කිරීම උදෙසා ශක්තිමත් පළාත් පාලන ආයතනයක් තිබිය යුතු බව පෙන්වා දුන් ඔහු තංගල්ලේ ජනතාව එවන් ශක්තිමත් පළාත් පාලන ආයතනයක් ගොඩනැඟීමට කටයුතු කරනු ඇතැයි තමන් විස්වාස කරන බව කීය.
රාහුල් සමන්ත - හම්බන්තොට
COMMENTS