දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බදු ගැන ටෝක් දෙන බන්දුලත් බදු වංචා කරලා?

බදු වංචාකරුවන් විසින් යෝජිත නව දේශීය ආදායම් බදු පනතට එරෙහිව ජනතාව මුළාකරන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීමේ සැලසුම් සහගත ව්‍යාපෘතියක් ආරම්භ ...


බදු වංචාකරුවන් විසින් යෝජිත නව දේශීය ආදායම් බදු පනතට එරෙහිව ජනතාව මුළාකරන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීමේ සැලසුම් සහගත ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එහි කථිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ද මීට පෙර ආදායම් බදු නොගෙවීම සම්බන්ධව චෝදනා ලබා දඬුවම් ලබා ඇති බවට සාක්ෂි ලැබී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටියි. 

යෝජිත නව දේශීය ආදායම් බදු පනත සම්බන්ධව මතුව ඇති විරෝධතා පිළිබඳ සත්හඬ කළ විමසීමක දී මේ බව අනාවරණය විය. එහි දී මහින්ද රාජපක්ෂ සමයේ දි 2006රැ10 දරණ පනතින් පිටු 44ක් පුරා බදු සහන ලබා දුන් සහන යෝජිත නව පනත හරහා කප්පාදු කර ඇති බවට නැගෙන විවේචනය සම්බන්ධව අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ පිටු 44ක් පුරා රාජපක්ෂ රෙජීමය බදු සහන ලබාදී ඇත්තේ සිය ගජමිතුරන්ගේ ව්‍යාපාර සඳහා පමණක් වන බවය.

එසේම එම සහන සාමාන්‍ය පොදු ජනතාවට ලබා දුන්නා නම් මෙරට වක්‍ර බදු ආදායම මෙතරම් ඉහළ මට්ටමක පැවතිය නොහැකි බවත් එම සමයේ බදු නැතුව රාජ්‍ය පාලනය කළ නොහැකි බව සහ රුපියල් 2500 කින් පවුලක් ජීවත් වියහැකි බවට නරුම ප්‍රකාශ සිදුකළ අයගේ බදු ගෙවීමේ පැටිකිරිය ඉදිරියේ දී සාක්ෂි සහිතව හෙළිකිරීමට නියමිත බව ද එම ප්‍රකාශකයා පැවසීය.

තව ද රටේ බහුතරය නියෝජනය කරන පහළ ආදායමක් ලබන ජනතාව පීඩාවට පත්වන ලෙස වක්‍ර බදු අය කර ජීවන වියදම ඉහළ දමන ක්‍රමය වෙනස් කර ඒ වෙනුවට ආදායම් වැඩියෙන් උපයන අයගෙන් ඍජු ආදායම් බදු අයකර ගැණෙන නව දේශීය අදායම් බදු පණත ලබන 07 වනදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවත් ඒ හේතුවෙන් මේ වන විට නව බදු දැලට හසුවීමට බියෙන් පසුවෙන බදු නොගෙවන්නන්ද පනතට එරෙහිව මුදල් වියදම් කර ප්‍රචාරක ව්‍යාපෘති දියත්කර ඇති බව ද ඔහු සඳහන් කර සිටියේය. යෝජිත පණත් කෙටුම්පත පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ද ඇතුළුව සංශෝධන 111 ක් මේ වන විට සිදුකර ඇති බවත් දූෂිත නඩ එල්ල කරන ආකාරයට අදාළ පනත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හෝ ලෝක බැංකුවේ නිර්දේශ අමු අමුවේ ක්‍රියාවට නැන්වුවක් නම් සංශෝධන 111ක් ඉඩකඩ ලැබුණේ කෙසේද යන්න ගැන ජනතාව සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතු බව ද ඔහු පෙන්වා දෙයි එවැනි පළල් සංවාදයක් තුළ ගෙනෙන පනත කඩාකප්පල් කරන පිරිස්වල සැබෑ තත්ත්වය සාමාන්‍ය ජනතාව දැනුවත් විය යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේම සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් තාරුණ්‍යයට හෙටක් නම් සංවිධානයට එම කොමිසමෙන් රුපියල් ලක්ෂ 50 ක් බැර කිරීමට හේතුව පැහැදිලි කළ නොහැකිව බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව නව බදු පනතට එරෙහිව කඳවුරු බැඳ ඇති බවත් ඒ ආකාරයට බදු හොරු හා රෙජීමයේ දූෂිතයන් එක කඳවුරකට ගොනු වීමේ දේශපාලනය ජනතාව තේරුම් ගත යුතු බව ද ඔහු පැවසීය. එසේම අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටි ආකාරයට නව පනත හරහා වාර්ෂිකව ලක්ෂ 12 ක ආදායමක් උපදවන අය බදු වලින් නිදහස් වන අතර ඉතිරි පිරිස ඍජු බදු ගෙවිය යුතු අතර එවිට මහජනතාවගෙන් වක්‍ර ලෙස අය කෙරෙන බදු ඉවත් කළ හැකිය. මැලේසියාවල ඉන්දියාව යනාදී රටවල් පවා මධ්‍ය ආදායම් ලබන රටවල් ලෙස එවැනි බදු ප්‍රතිපත්තියකට යොමුවී ඇතත් තවමත් අප රට එවැන්නකට යොමුව නැත. එහෙයින් නිර්ධන පංතියේ සුබ සිද්ධිය ගැන සිතන කිසිවෙකුට මීට විරුද්ධ විය නොහැකි අතර විරුද්ධ වනවා නම් විරුද්ධ වන්නේ කළු සල්ලි ජාවාරම්කාරයන් පමණක් බවත් එළඹෙන 07 වනදා බදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගාමීව කළු සල්ලි ජාවාරම්කරුවන් ගැන වැඩිදුරටත් සාක්ෂි ඇතිව සඳහන් කරන්නට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සුදානමින් සිටින බව ද එම ප්‍රකාශකයා සත්හඬ වෙත පැවසීය.

-කාශ්‍යප කොතලාවල

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29599,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදු ගැන ටෝක් දෙන බන්දුලත් බදු වංචා කරලා?
බදු ගැන ටෝක් දෙන බන්දුලත් බදු වංචා කරලා?
http://ift.tt/2gAJicx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_43.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_43.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy