දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශානි අබේසේකරට උසස්වීම් ලැබුන හැටි…
Homeප්‍රවෘත්ති

ශානි අබේසේකරට උසස්වීම් ලැබුන හැටි…

PropellerAds

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා රණවිරුවන්ට එරෙහිව කටයුතු කළ නිසා ඔහුට ද්විත්ව උසස්වීමක් ලැබුණු බව  පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක න...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා රණවිරුවන්ට එරෙහිව කටයුතු කළ නිසා ඔහුට ද්විත්ව උසස්වීමක් ලැබුණු බව  පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.ඊයේ(11) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා..

"ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා රණවිරුවන්ට එරෙහිව කටයුතු කළ නිසා ඔහුට ද්විත්ව උසස්වීමක් ලැබුණු බවට 2017 පෙබරවාරි 27 දින පැවැති මාධ්‍ය හමුවේ දී මම ප්‍රකාශ කළා.  බැලු බැල්මට එය ද්විත්ව උසස්වීමක්. 2016.02.16 දින පොලිස් අධිකාරි තනතුරට උසස් වෙන ශානිඅබේසේකරමහතා2017.02.01 දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් වෙනවා.  වසරක් ඇතුලත උසස්වීම් දෙකක්."

 "පළමු උසස්වීම දෙන්නේ 2011.08.25 දිනට පෙර දාතම් කරලා.  ඒ අනුව මාස කිහිපයක් යන විට හරියටම කිව්වොත් 2016.08.25 දිනට පොලිස් අධිකාරි තනතුරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට පත් වීමට ගත කළ යුතු වසර පහ සම්පූර්ණ වෙනවා.  ඔන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස්වීම ලැබෙනවා.  පෙර දාතම් කලේ නැති නම් උසස්වීම ලබා ගන්න 2021.08.25 දින තෙක් බලා සිටිය යුතුයි.  ඒ වන විට ඔහු විශ්‍රාම ගිහින්.  ඒ නිසා තමයි මම මෙතැන පක්ෂග්‍රාහිත්වයක් තිබෙන බව කිව්වේ.  නමුත් මට සාක්ෂි සමග ලැබුණු තොරතුරු අනුව ඔහුට පෙර දාතම් කර උසස්වීම ලබා දී තිබෙන්නේ මීට පෙර නිර්දේශ කළ උසස්වීම ප්‍රමාද වුණු නිසා."

"අඟුලාන පොලිසියේ දී තරුණයින් දෙදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් පොලිස් නිළධාරින් හතරදෙනෙකුට එරෙහිව පැවැති නඩුවේ දී හතරදෙනාම එල්ලා මැරීමට උසාවිය නියෝග කරනවා.  මේ නඩුවේ දී ශානි අබේසේකර පෙන් වූ දස්කම් අගය කරලා නීතිපති ඊවා වනසුන්දර මිය පොලිස්පතිට 2011.10.19 දිනැති ලිපියක් එවනවා.  ඒ වගේම අඟුලාන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාග වන්නේ ශිරාණි තිලකවර්ධන විනිසුරුතුමියගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ.  එතුමිය ශානි අබේසේකර පෙන්වූ දස්කම් අගය කරලා පොලිස්පතිට 2014.04.14 දිනැති ලිපියක් එවනවා.  මේ අනුව නඩු තීන්දුව ලබා දුන් 2011.08.25 දින සිට බල පවත්වන පරිදි පොලිස් අධිකාරි තනතුරට උසස්වීම ලබා දීමට පොලිස්පති නිර්දේශ කරනවා.  නමුත් ඒක වුණේ නෑ.  2016 දී ලබා දෙන උසස්වීම අඟුලාන නඩු තීන්දුවේ දිනයට පෙර දාතම් කරන්නේ ඒ නිසායි."

"ශානි අබේසේකර කියන්නේ මගේ කර්කශ විවේචනයට ලක් වුණු පොලිස් නිළධාරියෙක්.  නමුත් සතුරෙකුට වත් අපේ අතින් වරදක් නොවිය යුතුයි.  මට සාක්ෂි සහිතව මේ තොරතුරු ලැබුණු නිසා මම මේ නිවැරදි කිරීම කරන්නේ ශානිගේ විමර්ශන වල සැකකරුවන්ට වගේම ශානිටත් සාධාරණය ඉටු විය යුතු නිසායි."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශානි අබේසේකරට උසස්වීම් ලැබුන හැටි…
ශානි අබේසේකරට උසස්වීම් ලැබුන හැටි…
http://ift.tt/2wXc6BA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_385.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_385.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy