ඊයේ (20) දිනයේ පැය එකහමාරකට ආසන්න කාලයක් ඩයලොග් සම්බන්ධතා වෙතින් දුරකථන ඇමතුම් ලබා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් පිරිසක් නඩු ...
ඊයේ (20) දිනයේ පැය එකහමාරකට ආසන්න කාලයක් ඩයලොග් සම්බන්ධතා වෙතින් දුරකථන ඇමතුම් ලබා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් පිරිසක් නඩු පැවරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
මේ අතර, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ද ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතාට මේ සිදුවීම සම්බන්ධයෙන් ලිපියකින් දැනුවත් කර තිබේ.
ඔහු සිය ලිපිය මගින් පෙන්වාදී ඇත්තේ ඇමතුම් ලබා ගැනීමට නොහැකිව පාරිභෝගිකයන් ඩයලොග් සමාගමට පැමිණෙන තෙක් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අදාළ සමාගම කටයුතු නොකළ බවයි.
විතානගේ මහතා ඩයලොග් පාරිභෝගික මධ්‍යස්ථානයක් වෙත යන විටත් විශාල පාරිභෝගිකයන් පිරිසක් මේ ගැටලුව සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට එහි ඇවිත් සිටි බවයි.
COMMENTS