පසුගියදා පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමේ ජ්‍යෙෂ්ටතම පිතිකරු වන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කි...
පසුගියදා පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමේ ජ්‍යෙෂ්ටතම පිතිකරු වන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීම විශේෂත්වයකි.
කලකට පසුව ලහිරු තිරිමාන්න කණ්ඩායමට නම්කර ඇති අතර විශේෂත්වය වන්නේ ඔහු උප නායකයා ලෙස නම්කර තිබීමයි. මීට අමතරව රොෂේන් සිල්වා සහ සදීර සමරවික්‍රම පිතිකරුවන් ලෙස කණ්ඩායමට නම්කර ඇති අතර ඉන්දීය තරගාවලියට එක් නොවූ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ද නැවත සංචිතයට කැඳවා තිබේ.
මීට අමතරව පසුගිය තරගාවලියේදී ආබාධයට ලක්වූ සුරංග ලක්මාල් ද සංචිතයට නම්කර ඇති අතර ලහිරු කුමාර සංචිතයෙන් ඉවත් කර තිබේ.
සනත් ජයසූරිය මහතාගේ සබාපතීත්වයෙන් යුක්ත තේරීම් කමිටුව ඉල්ලා අස්වීමෙන් පසු ග්‍රෙහැම් ලැබ්රෝයි මහතාගේ ප්‍රධානත්වයෙන් නව තේරීම් කමිටුවක් පත්කළ අතර නව තේරීම් කමිටුවේ පළමු රාජකාරිය මෙයයි..
පකිස්තානු තරගාවලිය සඳහා නම්කර ඇති ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ලහිරු තිරිමාන්න (උප නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු, ලහිරු ගමගේ
අතිරේක ක්‍රීඩකයන් - ධනන්ජය ද සිල්වා, ජෙෆ්‍රි වැන්ඩසේ, අකිල ධනන්ජය, ලහිරු කුමාර, දසුන් ශානක
COMMENTS