දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නොකිලිටි ගමනක් - ශ්‍රීලනිපයට 66යි...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (03) සිය 66 වන සංවත්සරය අභිමානවත්ව සැමරීමට සූදානම් වෙයි. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර...


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (03) සිය 66 වන සංවත්සරය අභිමානවත්ව සැමරීමට සූදානම් වෙයි.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.30ට බොරැල්ල කැම්බල් පිටියේදී සංවත්සර උත්සවය ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවන්නේ 1951 වසරේ සැප්තැම්බර් මස 02වන දිනය.

එවකට එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට පියවර ගත්තේය.

ඒ අනුව වසර 05ක් වැනි කෙටි කාලයකදී එම පක්ෂය සන්ධානයක් යටතේ තරඟ කරමින් 1956 මහමැතිවරණයේදී බලයට පත්වීමට සමත් වුණි.

බණ්ඩාරනායක අග්‍රමාත්‍යවරයා ඝාතනයට ලක්වීමෙන් පසු අවස්ථා කිහිපයකදී මෙරට ආණ්ඩු බලය හිමි කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව ලැබී තිබේ.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩු මෙහෙයවූ නායකයන් වෙයි.

මෑත කාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ප්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවක් පහිටුවීම, මෙරට පක්ෂ දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපතිධුරය දරමින් ගෙනයන ජාතික ආණ්ඩු වැඩපිළිවෙළට එම පක්ෂයේම තවත් පිරිසක් ප්‍රතිවිරෝධතා දැක්වීම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභියෝග රැසකට මුහුණ දී සිටියි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ කොටසක් බවට පත්ව ඇති බවයි.

කෙසේ වුවද අභියෝග ජයගනිමින් ඉදිරියට ගමන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා කුරුණෑගල ප්‍රදේශයේදී ප්‍රකාශ කළේය. 

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතූහෙට්ටිගම මහතා සඳහන් කළේ මෙවර සංවත්සරය බලය සහ ජනතාව ඒකරාශී කරන වේදිකාවක් වනු ඇති බවයි.

මේ අතර  අද පස්වරුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

ඒ අනුව බේස්ලයින් මාර්ගයේ ඉන්ද්‍රම් හන්දියේ සිට බොරැල්ල හන්දිය දක්වා පෙරවරු 11.00 සිට රථ වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතය.

එබැවින් පෑලියගොඩ සහ බොරැල්ල අතර ගමන්ගන්නා වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කළ යුතු බව පොලීසිය පැවසුවේය.

පෑලියගොඩ දෙස සිට පැමිණෙන වාහන සඳහා ශ්‍රී සද්ධර්ම මාවත, මාලිගාවත්ත හරහා පංචිකාවත්ත, මරදාන පාර ඔස්සේ බොරැල්ලට පිවිසිය හැකිය.

බොරැල්ල දෙසින් ගමන්ගන්නා වාහන මරදාන පාර, මරදාන පාළමහන්දිය, ටෙක්නිකල් හන්දිය, ශ්‍රී සංඝරාජ මාවත, මාලිගාවත්ත හෝ කොටහේන හරහා පෑලියගොඩට පිවිසිය හැකි බව පොලීසිය සඳහන් කළේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29599,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නොකිලිටි ගමනක් - ශ්‍රීලනිපයට 66යි...
නොකිලිටි ගමනක් - ශ්‍රීලනිපයට 66යි...
http://ift.tt/2gAkW2o
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/66.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/66.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy