මේ අනුව මෙම යෝජනාව ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප මහලේකම්වරයා වෙත ලබන සතියේදී ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී වැඩිද...
මේ අනුව මෙම යෝජනාව ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප මහලේකම්වරයා වෙත ලබන සතියේදී ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඉදිරියේදී උපාධිධාරීන්ට ලබාදෙන රැකියා විනිවිද භාවයෙන් යුතුව ලබාදීමට කටයුතු කරන බවත් පාට, පක්ෂ භේදයකින් තොරව පෙර සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩු උපාධිධාරින්ට රැකියා ලබාදීමේදී කටයුතු කළ ආකාරයට මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජයට යෝජනා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
උපාධිධාරීන්ට විශේෂ අවස්ථාවක් ලබාදීමක් ලෙස මෙය හුවා දැක්වීමට ශ්‍රීලනිපය තැත් කළ ද මින් පෙන්නුම් කෙරෙන්නේ නාමයෝජනා වලින් 90%ක් ම ලැබෙනු ඇත්තේ උපාධියක් තෙක් අධ්‍යාපනය නොලද පුද්ගලයින්ට බවය. අනෙත් අතට නාමයෝජනා ලැයිස්තුවෙන් 10%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයක් උපාධිධාරීන් වෙනුවෙන් වෙන් කළ ද ඔවුන් අතරින් ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇත්තේ කීදෙනෙකුටද ?. උපාධිය ලබා රැකියාවක් නොමැතිව සිටින්නෙක් මෙවන් ක්‍රමයක් තුළ මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමක් ගැන සිතීම පවා එක් අතකට විහිළුවකි.
එසේම පළාත් පාලන ආයතනයන්හි කාන්තා නියෝජනය 25%ක් කිරීමට නව නීති සකස් කෙරුණු වටපිටාවක් යටතේ මෙකී නාමයෝජනා වල උපාධිධාරී කාන්තා නියෝජය කෙසේ වන්නේදැයි පැහැදිලි නැත.
අනෙක් අතට මින් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රීලංකාවෙහි දේශපාලනඥයකු වීම සඳහා උපාධිය සුදුසුකමක් ලෙසින් සැලකෙන්නේ 10%ක ප්‍රමාණයකට බවය. මෙවැන්නන් සමඟ රටක් දියුණු කිරීම ගැන කවර නම් කතාද ?
උපාධිධාරීන්ට රැකියා ලබාදීම සම්බන්ධයෙන් ද මීට ම කොටසක් ඈඳා ඇති අතර පසුගිය වසර ගණනක් පුරා ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩු කටයුතු කළ 'විනිවිද භාවය' ගැන අමුතුවෙන් කීමට යමක් ඉතිරි වී ද නැත. රජයට අමුතුවෙන් යෝජනා ගෙන එනවා වෙනුවට සියඹලාපිටිය ඇතුළු ඇමතිවරුන් සිදුකළ යුතුව ඇත්තේ රැකියා සඳහා තම තමන්ගේ ගොලබාලයින්ගේ නම් ලැයිස්තු ආයතන වෙත යැවීම නතර කිරීමය.
එබැවින් ඇමතිවරයාගේ ප්‍රකාශය පැහැදිලිව ම උපාධිධාරීන් රැවටීම උදෙසා කෙරෙනා තවත් එක් සෝබන ප්‍රකාශයක් පමණය.
COMMENTS