කසාද බඳින්න කලින් අපේ තාත්තා හමුවුණේ කොහොමද..? ඔයා මහින්ද රාජපක්ෂව බැඳලද ඉන්නේ..? පෙරේදා රහස් පොලිසියට කට උත්තරයක් ලබා දෙන්නට පැමිණි සිය ...
කසාද බඳින්න කලින් අපේ තාත්තා හමුවුණේ කොහොමද..? ඔයා මහින්ද රාජපක්ෂව බැඳලද ඉන්නේ..?
පෙරේදා රහස් පොලිසියට කට උත්තරයක් ලබා දෙන්නට පැමිණි සිය මෑණියන්ගෙන් මේ ප්‍රශ්න අසා ඇතැයි නාමල් රාජපක්ෂ මහතා කීවේය.ලොකු පුතාත් අවුරුදු 31ක් වෙනවා. අද තමයි සී.අයි.ඩී.ය අහන්නේ අපේ අම්මයි තාත්තයි කසාද බැඳලද ඉන්නේ කියලා යැයි ද නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේ ඔහුගේ සහෝදරයා වූ යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ රහස් පොලිසියට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් පැය හතරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16දා) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
සිරිලිය සවිය පදනමට අයත් ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මෙම කැඳවීම කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
යෝෂිත රාජපක්ෂ මහතා ඊයේ (16දා) පෙරවරු 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ප.ව. 02 දක්වා ඔහුගෙන් ප්‍රශ්න කළේය.
ඔහු සමඟ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ යන පවුලේ සාමාජිකයෝද පැමිණ සිටියහ.
යෝෂිත රාජපක්ෂ මහතා සමඟ මහින්ද රාජපක්ෂ මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළට ගියේය.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.
යහපාලන ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂය සහ රාජපක්ෂ පවුලට කරදර කරලා, මේවට ගෙනල්ලා ප්‍රශ්න අහලා සමාජයේ තියෙන අනෙකුත් ප්‍රශ්න යට ගහගන්න. බැඳුම්කරයේ මහා පරිමාණ හොරකම් ගැන හොයන එක නවත්වන්න. ඊයේ අපි දැක්කා ආණ්ඩුවෙ සමහර ඇමැතිවරු පාරේ වාඩිවෙලා හොරු අල්ලන්න කියලා කියනවා. ඒක හරියට පික්පොකට් න්‍යාය වගේ. ආණ්ඩුවේ ඉන්න හොරු ටික දැන් කියනවා හොරු අල්ලන්න කියලා. එහෙම අය දැන් වාඩි වෙලා රාජපක්ෂලා හිරේ දාන්න වෙනම අධිකරණයක් ගේන්න ඕනේ කියලා කියන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ප්‍රධාන පිවිසුම් ෙදාරටුව අසලට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබාදී තිබිණි.
COMMENTS