අප අද සිටින්නේ වැටද නියරද ගොයම් කන දේශපාලන රටාවකට මැදිහත් වූ අභුත රටකය. තමන් පත් කරගත් දේශපාලකයන් රටේ පාලකයන් වූ පසු ඔවුහු හිතක් පපුවක් න...
අප අද සිටින්නේ වැටද නියරද ගොයම් කන දේශපාලන රටාවකට මැදිහත් වූ අභුත රටකය. තමන් පත් කරගත් දේශපාලකයන් රටේ පාලකයන් වූ පසු ඔවුහු හිතක් පපුවක් නැති
ඇස් කන් නොපෙනෙන්නන් ලෙස ක්‍රියා කරනු දැකිම අද රටේ දුලබ අත්දැකීමක් නොවන්නේ ය. කුමක් හෝ වේවා අන් ආසියාතික රට වලට වඩා අති මහත් වුවමනාවකින් හා අති මහත් බලාපොරොත්තු සහිතව වැළද ගන්නා පාලකයන් සිටින රටක ජනතාව වන අප කුමක් වුවද රටට ආදේශ කරන්නට ගොස් මදි නොකියන්නට වරද්දා ගන්නා ජාතියකි .විවෘත ආර්ථික සංකල්පය , දේශපාලන න්‍යාය භාවිතයන් පමණක් නොවමෑතකදී පටන් ගත් නව අයුරේ රාජතාන්‍ත්‍රීය සබධතා(චීයනය ට කඩේ යාම ආදී) නිසා අද අප මුණ දී ඇත්තේ මූලික අරමුණු වලින් ඔබ්බට ගිය අභූත ප්‍රතිපලයන්ටය . ඒ ආදී වූ සංකල්පයන් න්‍යායන් හෝ රාජතාත්ත්‍රික උපක්‍රම තම තම රටවලට ආදේශ කර ගන්නට පෙර විශේෂයෙන්ම ආසියාතික රටවල් අපේ රටෙ අත්දැකීම් හා අනා ගැනීම් තුලින් ආදර්ශ හා පාඩම් උගෙන ගත හැකි බව ඔවුන් දනී . කොටින්ම කිවහොත් ඉංදියාව, ශ්‍රි ලංකාවේ ඇණ ගැනීම් නිසා උගත් පාඩම් රාශියකි.
මෙම ආර්ථික හා දේශ පාලන අසාර්ථක භාවයන්ට හා රට ඇතුලත ගිනි වලට වග කිව යුත්තෝ කවුද ? යන්න අද ද ඊයේ මෙන්ම රටේ ජනතාවට ඇති විශාලම ගැටළුව වී ඇත්තේ ය. එදා සිටම අද වනතුරු රට තුළ පොදු ජනමතය නිසි අයුරින් ගොඩනැගීමක් සිදු නොවීම හා රටේ අනාගතය උදෙසා වුණ පොදු ජනමතයක් සකස් නොවීමත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ‘‘ පොදු ජනමතය“ පොදුජනමතයක් නොවීමත් ආදී කරුණු මෙයට හේතු ලෙසදැකිය හැකි වේ.
එදා පටන්ම රටේ ජනමතය තීරණය වීමෙහි ලා පොදුවේ වග කිව යුතු පුද්ගල සන්දර්භයන් වූයේ දේශ පාලකයන් ,නළු නිළියන් හා ජනමාධ්‍ය වේදීන්ය . රටේ උගතුන් බුද්ධි මතුන් ද මෙයට වග කිව යුතු යැයි කීම අසාධාරණ නොවුණද අද අපේ රටේ ධනාත්මක හෝ සෘණාත්මක ප්‍රතිපල ලගා කරන පොදු ජනමතය ගොඩ නගන ප්‍රධානතම බල වේගය බවට පත්ව ඇත්තේ පෙරකී කොට්ඨාශයන් තුනය. එහි වැඩි දායකත්වයක් දේශ පාලකයන්ටද ඉන් පසු පිළිවලින් ජනමාධ්‍ය වේදීන් හා නළු නිළියන්ටද අද හිමිව ඇති බවක් පෙනෙන්නට ඇත. එමෙන්ම පොදුජනමතය යන්න ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබදව කතා කිරීමේදී ජනමාධ්‍ය ආයතනයන්ට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ලංකාවේ ද ජනමාධ්‍ය එකී ක්‍රියාවලියට දායකත්වය සපයන ලබන මුත් එය ක්‍රියා කරනුයේ වෙනස්ම ආකාරයකටය වාණිජ පරමාර්ථ විසින් අද රටේ ජනමාධ්‍ය වසාගෙන සිටීම එයට හේතුව වී ඇත්තේය.
පාර්ලිමේන්තුව හා අනෙතුක් දේශපාලන ඒකකයන් නියෝජනය කරනු ලබන නිළ දේශ පාලකයන් අධික ප්‍රමාණයත් රටේ ජනතාවගේ නියෝජිතයන්ව සිටීඔවුන්ගෙන් බොහෝමයක් දෙනාගේ මුහුණු විසින් ඒ ඒ ජනමාධ්‍ය ප්‍රවෘත්ති ඇතුළු විවිධ දේශපාලන වැඩසටහන් ආක්‍රමණය කර ඇත්තේ දේශපාලනයම ඇරෙන්නට රටේ තව කථා කරන්නට මාතෘකා නොමැති ලෙසටය . දිනෙන් දින කෙසේ හෝ තුමනහෝ දේශපාලකයෙක් රූපවාහිණියේ ප්‍රදාන නළුවා බවට පත් වන්නේය .කොටින්ම කිවහොත්පෙරැහැරක් , බෝධිපුජවක් ආදී වැඩ සටහන් පවාදේශ පාලන වීරක්‍රියා බවට පත් කරන්නට අදජනමාධ්‍ය පසු බට නොවේ. ඒ අ රනුව ජනතාව රටේසිදු වන සෑම සිදුවීමකම බර කුමන හෝ පක්ෂයකට පාටකට තබා බැලීමට පුරුදුව සිටී. ඒ කෙරෙහිදේශපාලකයාගේ බලපෑම ඉතා ප්‍රබල ය . ඒ අනුව පක්ෂ භේදය ගැන අවධානය යොමු කරනවා මිස පාලකයන් රටට කරන්නේ කුමක්ද යන්න ගැන විචාර බුද්ධියෙන් විමසන්ට අද ජනතාවට වුවමනාවක් නැත. වුවමනාවක් ඇති වුවද එසේ වන්නේ රටේ බඩු මිලවැඩි වන හෝ අතේ මිටේ කීයක් හෝ නැතිවන අවස්තාවලය. එම සිතිවිල්ලද ටික කලකට සීමාවන්නේ ඕනෑම අර්බුධයක මුල් අවධියේ දී පමණක් සටන් කොට කාලයත් සමග පවතින තත්වය ජීරණය කරගනිමින් සටන අමතක කිරීමේ පුරුද්ද අපට ඇති බැවිනි. අර්බුධයන් කෂණිකව ජනතාවට අමතක වී යන අතර මැතිවරණයන් ආසන්න වන විට දේශපාලනයට හෝ දේශ පාලයකයන්ට විරුද්ධව තමන් තුල වූ කුමන හෝ විරෝධතාවක් වී නම් ඔවුන් එය අමතක කර දමනු ලබන්නේ දේශපාලකයන්ගේ සිහින හා බොරු පොරොන්දු වලට වශී කෘත වෙමිනි .
ඒ අතරේ දේශපාලකයන් සීරුවේන් තමන්ගේ බඩ වඩා ගන්නේ අති අසාධාරණ ලෙස පොදු ජනතාවගේ උවමනා ගැන තඹ දොයිත්තුවකට මායිම් නොකරය.පසුගිය දශක තුනක පමණ කාලයක් තිස්සේ රටේනායකයන් කුමන අයුරකින්හෝ ජනතා මතයට කන්දුන්නා යැයි අපට සිතිය නොහැක්කේ ඔවුන් සැමවිටම රට ගැන තීරණ ගත්තේ තමන්ගේ ගොඩ වැඩිවනවානම් පමණක් වීම හේතුවෙනි . ඔවුන්ට ඕනෑමපක්ෂයකට මාරු වෙන්නටත් නීතිය නවන්නටත්මෙන්ම වැරදි කර හිරේ විලංගුවේ වැටුන පසුු හඩාවැල පී උපාසක වේශයන් ගැනීමටත් ආදී සියල්ලක්මපුළුවන් වීමේ ලැජ්ජා නැති කම බහුතරයක් දේශපාලකයන් තුළ ඇත්තේය. ඉදින් එවන්පිරිසකගේ ආකල්ප හා ක්‍රියාකාරකම් පොදු ජනමතයට සිදු කරන හානිය අති මහත්ය.
රටේ නළු නිළියන් පිළිබදව ජනතාව අතර ඇත්තේ ඊට තරමක් සමාන වූ කියවා ගැනීමකි. කුමන අයුරකින් හෝ ටෙලි නාට්‍යකට මුහුණ ඔබා ගන්නටත් පුවත් පතක මුල් කවරය සරසන්නටත් සිය උපරිම කැප කිරීම කරන බොහෝමයක් නළු නිළියන් එම කැප කිරීම සිය රංගනයන් වැඩි දියුණු කිරීමට හෝ ඒවා ඔප මට්ටම් කිරීමට යොදවනු නොලබයි . අද අපේ රටේ බොහෝමයක් නළු නිළියන්ගේ පෞද්ගලික ජීවිතාන්දරයන් දික් කසාද වීම් හා පවුල් කඩා කප්පල්වීම් ඔවුන් රගපාන කලා නිර්මාණ වලට වඩා රසවිදින්නට අද අපේ ජනතාව යෝමු වී ඇත. විවිධ සමාජ මාධ්‍ය ජාලා තුල නළු නිළියන් රග පානු ලබන චරිතද අද ජනතාව ඉතා කැමැත්තෙන් තලු මරමින් සිටින්නේ සමහර විටක ඔවුන් රගපෑ කලා නිර්මාණමොනවා දැයි යන්නවත් නොදැන ය . ඉංදියානු දීර්ඝ නාට්‍ය නරඹමින් අපේ නළු නිලියන්ගේ ජීවිත කථා රස විදින්නට අද අපේ ජනතාවට සිදුව තිබීම සැබෑ ඛේදවාචකයකි. තම ජනතාවගේ මනසට යම් සාධනීය හෝ රසවත් අත් දැකීමක් ලබා දී ඔවුන්ගේජීවිත වලට ආදර්ශ නැත්නම් රසයක් සපයනවා වෙනුවට නළු නිළියන් කරන්නේ උපන්දින සාද සංවිධානය කරමින් අපේ චූන් අපට චූන් කියා ගන්නා සෙයකි. මේ සෑම සියල්ලක්ම ජනතාව ගේ ජීවිතවලට එක්ක රන්නේ කුමන අයුරේ හෝ වැදගැම්මක්ඇති අත්දැකීම නොවේ.
නළු නිළියන් එහෙම පිටින්ම තමන්ගේ පවුල්ජීවිත වල අත්දැකීම් ජනතාවගේ අත් දැකීම් බවටපත් කරමින් සිටී ඒ නිසාම ඔවුන් උදේට හවසටකෑවේ බීවේ මොනවාද ඔවුන් නිදා ගත්තේ කෙලෙසද යන්න සොයන ප්‍රෙක්ෂක ජනතාවක් අද බිහිවී ඇත. ඒතුලින් නිර්මාණය වන ජනමතය හොද අනාගතයකට මගපාදන්නක් නොවන්නේය.
ජනමාධ්‍යවේදීන්ගේ ජනතා මෙහෙවරද ඒආකාරයේම ය. ඔවුන්ට ලැබී ඇති අන් අයට නොලැබෙන අගනා අවස්ථාවෙන් රැකියාවේගෞරවය රැකගන්නට අද බෙහෝ මාධ්‍ය වේදීන්ට නොහැකිව ඇත්තේය. ඔවුන් බොහෝමයක් දෙනා බලා සිටින්නේ කවුරුන් හෝ දේශපාලකයකු වමට හැරෙන් කීවිට වමට හැරෙන්නටත් දකුණට හැරෙන් කී විට දකුණට හැරෙන්නටත්ය.දේශපාලකයන්ගේ නිවෙස් වල භෝජන සංග්‍රහ හා විවිධ සොච්චම් දීමනාවන්ට ප්‍රති උපකාර කරන්නට සිදුවිම අද රටේ බොහෝමයක් මාධ්‍යවේදීන් පත්ව ඇති ඉරණමයි. තමන් පමණක් එකී ඉරණමේ නොවැටී ඔවුන් එසේ නොකර ස්වාධීනව සිටින අතලොස්ස හටද කොන්ද කෙලින් තබාගෙන පොදු ජනතාවගේ හෙට වෙනුවෙන් සූදානම් කිරීමේ කාර්ය භාරයට බාධාකරමින් සිටී. රූපවාහිනී ගුවන් විදුලි මෙන්ම පුවත්පත් මාධ්‍යවේදීන් ද තම තමන් සේවය කරන තම තමන් වැඩ කරන දේශපාලකයෙකු හෝ දේශපාලකයන් කිහිප දෙනෙක් හා පක්ෂයක් තෝරාගෙන ඒ වෙනුවෙන් පොදු ජනතාවගේ කාලය ද නිදහස ද ජනතාවට ද නොදැනෙන්නට තමන්ගේ මෙන් භාවිතා කරමින් සිටී . ඒ නිසාම ජනතාව ඕනෑම දෙයක් පිලිබද දැරිය යුතු ආකල්පය කුමක්ද යන්න තීරණය කිරීමට අද ජනමාධ්‍යවේදියාගේ ක්‍රියාකලාපය සෘජුව බලපා ඇති අතර ගැටළුව වී ඇත්තේ නිශ්චිත හා සාධනීය පොදු ජනමතයක් වෙනුවට අයාලේ ගිය ජනතාවටත් නැති රටටත් නැති කොහේටවත් නැති සීමිත පිරිසකගේ හෙට දවසට පාර කැපෙන අංගවිකල පොදු ජනමතයක් බිහිවීමය.
අද රටේ දේශපාලකයා නළු නිළියන් හෝ ජනමාධ්‍යෙව්දියා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම තමන්ට අදාල චරිත රගපාන්නට අසමත් වී ඇත . එකී අසමත් භාවය තුළ අතාර්කික පොදු ජනතාවක් බිහිවී ඇත්තේය. ඒ නිසාම ඔවුන් අද සිතන්නේ ද පතන්නේද මේ මොහොත ගැනම පමණි . කොහේ හෝ සිටින දේශපාලකයෙකුට තවත් දේශපාලකයෙකු විසින් කරන පෞද්ගලික පහර ගැසීම් අවමාන , කොහේ හෝ නළුවකු තව නිළියක හා දීග කෑම හෝ කට වාචාල කම පමණක් උපරිමයෙන් ඇති මාධයවේදියෙකුගේ වර්ණනාවන් ආදී මනෝවිකාරතුළින් ලෝකය දෙස බලනවා මිසක මේ සියල්ලකම අවසානයේ තමන්ට වන දෙය ගැන ජනතාවට වගේවගක් නැත. එවැනි දෑ හරි හැටි තේරුම් ගත් ජනතාවගේ අද වෙන දේ ගැන හෙට උදේ වන විට පොදු ජනතාවට අමතකව යන්නේ මූලික ලෙසම පෙරකී චරිත වල හැසිරීම විසින් ජනතාව වෙනම දිශාවකට යොමු කිරීමය.
මෙකි සියළු පිරිස් තම තමන්ට ඕනෑ දේ කරමින් ජීවත් වන්නේ ජනතාවගේ පිහිටෙන් බව අද කිසිවෙකුටත් මතක නැත. ඒ නිසාම තම තමන්ගේ වගකීම ද තමන්ට හිමි කාර්ය භාරයද අමකතකරමින් ඔවුන් අයාලේ ගොස් සිටින බවක් පෙනෙන්නට ඇත. ඒ අනුව ඔවුන්ගෙන් කිසිවක් ගැන හෙට වෙනුවෙන් බලාපොරොත්තුවක් තැබිය නොහැක. එසේ බලාපොරොත්තු තබා ගැනීමට නම් විය යුත්තේ අද දේශපාලකයන් ,නළු නිලියන් ,ජනමාධ්‍යවේදින් ආදී මේ සියල්ලක්ම නැවත සමාජානුයෝජනය වීමය. එවිට තමන් හැසිරිය යුත්තේ කෙසේද හා කල යුත්තේ කුමක්ද යන්න ගැන ඔවුන්ට අවබෝධයක් ලැබෙනු ඇත . ඒ අනුව ඔවුන්ට ඔවුන්ව ද, රටේ ජනතාවට තමන්ව ද සොයා ගැනීමට අවස්ථාවක් සැළසේ.
COMMENTS