දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප පසු පෙළට මෛත්‍රි හෙළි කළ රහස.
Homeදේශපාලන

එජාප පසු පෙළට මෛත්‍රි හෙළි කළ රහස.

PropellerAds

පසුගිය මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමේ රහස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රින් හමුවේ ...

රාජගිරියේ තවත් මාරක අනතුරක්! ජීවිත දෙකක් එතනමයි
මාවනැල්ලේ බුදු පිළිම කැඩීමට අසාද් සාලි අනුබල දීලා - සාලිගේ පැටිකිරිය එළියට
පස්සර අනතුර සිදුවූයේ RDA වරදින්ද? ප්‍රධාන ඉංජිනේරුවරයා කියන කතාව

පසුගිය මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමේ රහස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රින් හමුවේ ප්‍රථම වරට අනාවරණය කරයි.

ජනාධිපතිවරයා මේ රහස හෙළිකර තිබෙන්නේ ඉකුත් බදාදා රාත්‍රි කැබිනට් කාර්යාලයේදී එජාප පසුපෙළ මන්ත්‍රි පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

මේ සාකච්ඡාවේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ක්‍රියා කලාපය විවේචනයට ලක්කර ඇති එ.ජා.ප මන්ත්‍රිවරුන්, එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද ලබාගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරට පත්වූ බව අමතක කර විවිධ විවේචන කරන බව පෙන්වා දී ඇතැයි පැවසේ.

පසුගිය මහ මැතිවරණය පැවැත්වීමට ආසන්නයේ ශ්‍රී .ල.නි. පක්ෂයේ සහ එ.ජ.නි. සන්ධානයේ ලේකම්වරුන් දෙදෙනා තනතුරුවලින් ඉවත් නොකරන්නට, එක්සත් ජාතික පක්ෂයට මැතිවරණය ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි වෙන බව මේ සාකච්ඡාවේදී පෙන්වාදී ඇති ජනාධිපතිවරයා ඒ බව හොඳින් මතක තබා ගන්නවා නම් හොඳ යැයි පැවසූ බවද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වී සිටින ඇමැතිවරුන්ට එල්ල කරන චෝදනා, එම ඇමැතිවරු එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ටත් එල්ල කරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බව එම සාකච්ඡාවට සහභාගි වූ එජාප පසුපෙළ මන්ත්‍රිවරයෙක් පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට අවසර ඉල්ලූ අවස්ථාවේ ලබන දෙසැම්බර් මාසය දක්වා අමාරුවෙන් රඳවා ගෙන සිටින බවද මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කර ඇතැයිද ශ්‍රී.ල.නි. පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් කුමන තත්ත්වයක් ඇතිවේ දැයි ප්‍රශ්න කර ඇතැයිද දැනගන්නට ඇත.

එජාප මන්ත්‍රි කණ්ඩායම සමඟ මාසකයට වරක්වත් හමුවී සාකච්ඡා කරන ලෙසද එම මන්ත්‍රි පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් 52 දෙනකු මේ හමුවට සහභාගි වී ඇතැයි දැනගන්නට ඇත.

මේ පිරිස ජනාධිපතිවරයා වෙත කැඳවා ගෙන යෑමට මුල්වී ඇත්තේ රවි කරුණානායක මහතා බවත්, මෙහිදී මන්ත්‍රි පිරිස වෙනුවෙන් ඔහු ස්තුති කළ බවත් වාර්තා වෙයි.

ආශු මාරසිංහ මෙහිදී දේශනයක් පවත්වාගෙන යද්දී හා දැන් ඇතියි ජනාධිපතිවරයා පැවසූ බවක් ද සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රිවරයෙක් කීවේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප පසු පෙළට මෛත්‍රි හෙළි කළ රහස.
එජාප පසු පෙළට මෛත්‍රි හෙළි කළ රහස.
http://ift.tt/2vprT93
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_494.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_494.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy