ජාත්‍යන්තර වෛද්‍ය රසායනාගාර සේවාවන් වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ “කොළ රහිත සේවාවක්” ලෙසිනි. වෛද්‍යවරයාට සහ රෝගියා හෝ රසායනාගාර පාරිභෝග...
ජාත්‍යන්තර වෛද්‍ය රසායනාගාර සේවාවන් වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ “කොළ රහිත සේවාවක්” ලෙසිනි.
වෛද්‍යවරයාට සහ රෝගියා හෝ රසායනාගාර පාරිභෝගිකයාට තම රුධිර වාර්තාව සිය පරිගණකයට, ජංගම දුරකථනයෙන් හෝ වෙබ් අඩවියට නිකුත් කිරීම වත්මන් රසායනාගාර සේවාවේ ප්‍රවණතා වෙයි. මෙම වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරිම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නව වෛද්‍ය උපකරණ රෝහල්වලට ලබා දී තිබේ. ඒ අනුව රුධිර පරීක්ෂණ ජාල ගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම කොළඹ ජාතික රෝහලෙන් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කරන ලදී. කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය රසායනාගාරය හා වාට්ටු අතර ජාලගත කිරිම සිදු කර රසායනාගාර පරීක්ෂණ නිදර්ශක වාර්තාව වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ විද්‍යාඥයින් නිවැරදි බව සනාථ කළ වහාම වෛද්‍යවරයාට හෝ වාට්ටුවේ පරිගණකයට යොමු කරයි.
මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ නව වැඩපිළිවෙල තුලින් රෝගීයාට කඩිනමින් ප්‍රතිකාර කිරිමට අවස්ථාව උදාවන බවයි. කාලය, මුදල් ඉතිරිවීම මෙන්ම ගුණාත්මක සේවාවක් ද මෙමගින් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ඇතුලු වෛද්‍යවරු, කාර්ය මණ්ඩලය මෙන්ම වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
COMMENTS