දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විමල්ට වැරදීමක්? විමල් ඇතුළු ගෝලයින් ඉල්ලා අස්වුණේ මන්ත්‍රීධූරයෙන්ලු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ගෝලයින් සිව් දෙනා ඉල්ලා අස්වීමෙන් පෙනී යන්නේ සිය මන්ත්‍රී ධූරයෙන්...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ගෝලයින් සිව් දෙනා ඉල්ලා අස්වීමෙන් පෙනී යන්නේ සිය මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වූ බව යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මන්ත්‍රීවරුන් 225ක් සිටින සමස්ථ පාර්ලිමේන්තුවම නියෝජනය කරන සභාවක් බවත් එම මන්ත්‍රීවරුන් 225දෙනා නිල බලයෙන් සාමාජිකයින් වීම නිසා ඉල්ලා අස්වීම කියා දෙයක් නැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. එලෙස ඉල්ලා අස්වන්නේ නම් අස්විය යුත්තේ මන්ත්‍රී ධූරයෙන් බවත් ඒ අනුව පෙනී යන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ගෝලයින් සිව් දෙනා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බවත් නැතහොත් නොදන්නාකමට නොතේරුම්කමට කළ වරදක් ලෙස එය සිතිය හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

නමුත් නීතිය දැන හෝ නොදැන මෙවැනි විහිලු සැපයීම නිසා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ජනතාව ඉතා සතුටින් ප්‍රතිචාර දක්වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය. කෙසේවෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉවත් වන බවට ඊයේ(19) කතානායකවරයාට ලිපියකින් දැනුම් දී තිබිණි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉකුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ වැද ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායක කරූ ජයසූරිය මහතාට මේ බව ලිඛිතව දැනුම් දුන්නේය.

ඒ අනුව එම පක්ෂයේ නායක විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, නිරෝෂන් ප්‍රේමරත්න සහ පද්ම උදයශාන්ත ගුණසේකර යන මහත්වරුන් මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වී ඇත. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ඉදිරියටත් රැඳී සිටින බවට තීරණය කර ඇතැයි ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසී ය.

National Freedom Front Withdraws From Constitutional Assembly

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල්ට වැරදීමක්? විමල් ඇතුළු ගෝලයින් ඉල්ලා අස්වුණේ මන්ත්‍රීධූරයෙන්ලු
විමල්ට වැරදීමක්? විමල් ඇතුළු ගෝලයින් ඉල්ලා අස්වුණේ මන්ත්‍රීධූරයෙන්ලු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJ6qSv3guTeehJynWFOoIpNu4qHtXPHFs5yXwoniwM3j-60SmdF-erePKKsPBCUJ54WYAqkFXPij30Zk0wd9j_kS71e3FUuXLZPW0sqEiaT7lJrbqGKOADk4dL_COCAkcGQ7UfSRIjFpw/s320/fc42a178c5e0a1fac3e4daf31603b767_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJ6qSv3guTeehJynWFOoIpNu4qHtXPHFs5yXwoniwM3j-60SmdF-erePKKsPBCUJ54WYAqkFXPij30Zk0wd9j_kS71e3FUuXLZPW0sqEiaT7lJrbqGKOADk4dL_COCAkcGQ7UfSRIjFpw/s72-c/fc42a178c5e0a1fac3e4daf31603b767_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_990.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_990.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy