බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉදිරිදින කිහිපය තුල...
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉදිරිදින කිහිපය තුලදී නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම්, ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
බැඳුම්කර කොමිසමේදී පසුගියදා හෙළිදරව්වූ කරුණු අනුව අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව එවැනි විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට සහය දෙන බව අමාත්‍ය දයාසිරි ජයසේකර හා රන්ජන් රාමනායක ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් දැනටම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
එකාබද්ධයේ තීරණය ?
රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් මේවනවිට සාකච්ඡා කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය 26දා මාධ්‍ය හමුවකදී පැවසුවද මේ වනවිට එම තීරණය වෙනස්කර ඇතැයි වාර්තාවේ.
රවී කරුණානායක මහතා ආණ්ඩුව තුල සිටීම විපක්ෂයට වඩාත් වාසි සහගත බවට ඇතැම් ඒකාබද්ධ විපක්ෂ නායකයින් දරන ස්ථාවරය ඊට හේතුවී ඇතැයි පැවසේ.
ඇමැතිගේ බිරිඳ සහ දුව :
මේ අතර, කොල්ලුපිටියේ පිහිටි සුපිරි තට්‌ටු නිවාසය රුපියල් දසලක්‍ෂ 160.5 කට මිලට ගත්තේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය අධ්‍යක්‍ෂ ධුර දැරූ ග්ලෝබල් ලොජිස්‌ටික් ට්‍රාන්ස්‌ප්‍රොටේෂන් පුද්ගලික සමාගම් අධ්‍යක්‍ෂ මණ්‌ඩලය ගත් තීරණයක් අනුව බව එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරි බී. ඡේ. සින්නයියා මහතා ඊයේ (28 වැනිදා) බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.
එම සුපිරි නිවස මිලදී ගැනීමට තීරණය කරන විට ඒ සඳහා ගෙවීමට ප්‍රමාණවත් මුදලක් සමාගම සතුව නොතිබුණ බවත් පසුව මිලදී ගන්නා නිවස සහ සීදුවේ පිහිටි තවත් දේපළක් උකසට තබා සෙලාන් බැංකුවෙන් ණය මුදලක් ලබාගෙන එහි අයිතිකරුට ගෙවීම් කළ බවත් සින්නයියා මහතා කීය.
එතරම් විශාල මුදල් ප්‍රමාණයක් බාර ගන්නා විට ඒ සඳහා ඔහුට රිසිට්‌පතක් නොදුන් බවත් එවැනි මුදලක් බාරගත් බව සනාථ කිරීමට කිසිදු ලියවිල්ලක් සමාගම සතුව නැති බව ද සින්නයියා මහතා පිළිගත්තේය.
COMMENTS