දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කසළ සහ ඩෙංගු: ගල් සහ මල් - සුනන්ද දේශප්‍රිය (තහංචි මැද්දෙන්)

කසළ සහ ඩෙංගු වසංගතය විසින් රනිල් - සිරිසේන පාලනය යටින් බිඳ දමමින් තිබේ. මෙරට සාමාන්‍ය නාගරික ජනතාවගේ හදිසි ප්‍රශ්නය ව්‍යවස්ථා සංශෝධන හෝ බ...

කසළ සහ ඩෙංගු: ගල් සහ මල් - සුනන්ද දේශප්‍රිය (තහංචි මැද්දෙන්)

කසළ සහ ඩෙංගු වසංගතය විසින් රනිල් - සිරිසේන පාලනය යටින් බිඳ දමමින් තිබේ. මෙරට සාමාන්‍ය නාගරික ජනතාවගේ හදිසි ප්‍රශ්නය ව්‍යවස්ථා සංශෝධන හෝ බලය බෙදීම හෝ සයිටම් හෝ නොවේ. කසළ සහ ඩෙංගුය. මෙම ප්‍රශ්න දෙකම වත්මන් ආණ්ඩුකරණයේ අසමත්භාවයේ පිළිඹිබුවකි.

මෙරට නියම බුදු සසුනක් තිබුණේ නම් සංඝයා ගමින් ගම වඩිනු ඇත්තේ ඩෙංගු මර්දනය සහ කසළ බැහැර කිරීම ක්‍රමවත් කිරීම පිළිබඳව දේශනා කරමිනි. එමෙන්ම 1930 ගණන්හි ඇරඹි අන්දමේ මහජන වමේ ව්‍යාපාරයක් තිබුණේ නම් එහිද මූලිකත්වයක් විය යුතුව තිබුණේ ඩෙංගු මර්දනය ගමින් ගමට ගෙන යැමය.

නමුත් ඇමැති මනෝ ගනේෂන් කී පරිදි රට ඒකීය නමුත් කුණු පෙඩරල්ය. ආණ්ඩුවට කසළ එක් කිරීම සහ බැහැර කිරීම පිළිබද ප්‍රතිපත්තිමය වැඩසටහනක් නැත. සමහර විට මෙම කියමන ඩෙංගු රෝගය සම්බන්ධයෙන්ද එළෙසම ආදේශ කළ හැකිය. එපමණක් නොව දේශපාලනයද බෙදී ගොසිනි. මෙකී වසංගත පිටුදැකීම සම්බන්ධයෙන්ම ජාතික සම්මුතියක් නැත.

වායු සමීකරණය කරන ලද නිවෙස්, කාර්යාලය සහ වාහන සපිරි මෙරට දේශපාලන පංතියට ඩෙංගු මාරාන්තික නැත. 2017 වසර තුළ ඩෙංගු රෝගයට ගොදුරු වූ 80,000 ක් තරම් ජනයා අතර එකදු මැති ඇමැතියකු නැත්තේ එනිසාය. ඔවුන්ට රෝගය වැළඳුනද එක්සත් ජාතින්ගේ සංවිධානයේ කතාවකට යන්නේයැයි කියා මහජන මුදලින් එතෙර සුපිරි රෝහලකට යා හැකිය.

මා ජීවත්වන අසල්වැසි යායම ඩෙංඟු මදුරුවා විසින් ග්‍රහණයට ගෙන දැන් මාසයකට වැඩිය. ඩෙංඟු රෝගියකු නැති නිවසක් අප නිවස අවට නැති තරම්ය. පිටුපස නිවසෙහි මව සහ කුඩා දියණිය රොහල්ගත වී පැමිණියේ දින දෙකකට පෙරය. ඉදිරිපිට නිසෙහිද කුඩා දියණිය ඩෙංඟු රෝගයෙන් රොහලේය. නිවෙස් දෙකකට එපිටින් සැමියා සහ බිරිඳ අයිඩීඑච් රෝහලෙහිය. අප නිවසෙහිද ඩෙංගු මදුරුවාට ගොදුරු වී ගොඩ ආවේ දැඩි සත්කාර ඒකකයට ස්තුති වන්නටය.

මේ වනාහී 1930 ගණන්හි මෙරට මහාජනයා දහස් ගණනින් වළපල්ලට යැවූ මැලේරියා වසංගතය සිහිගන්වන ඛේදවාචකයකි. එම වසංගතයට ගොදුරු වු දොඩන්දූව උපන්ගම වූ මගේ පියාගේ සහෝදරයින් පස් දෙනෙකුම මිය ගියෝය. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වසංගතයෙන් බේරා ගැනීම පිනිස බාරකාර පවුලකට දී ඇති අතර පවුලේ ඉතිරි වූයේ ඔහු පමණි.

අද වෙනස මිය නොයාම පමණි. වංසගතයට බිලි වී ඇති පෙදෙස්හි හැම ගෙදරකම දෙතුන් දෙනෙකුට ඩෙංගුය. රොහල් රොගීන්ගෙන් පිරී ගොසිනි.

මදුරු ගහණය තෙගුණයකින් ඉහළ යන බවට කියැවෙන මෝසම් වැසි කඩා වැටෙන ඔක්තෝබරය වන විටත් තත්වය අපාලිතවම පැවැතිය හොත් වසංගතය කුමන මට්ටමක් දක්වා ඉහළ යනු ඇත්දැයි සිතීමත් බිය ජනකය.

මෙසේ තිබියදීත් මුල්ලෙරියාව ප්‍රාදේශීය සභාවට අයත් අප ජීවත්වන අසල්වැසි යායෙහි මදුරු මර්දන කිසිදු වැඩසටහනක් පසුගිය පස් වසර පුරාම ක්‍රියාත්මකව නැත. ඩෙංගු වසංගතයට මෙම පෙදෙසෙහි බොහෝ වැසියන් ගොදුරු වී සිටියද කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු හෝ ඩෙංගු මර්දන නිලධාරීන් හෝ පැමිණියේ ද නැත. රනිල් - මෛත්‍රී යහ පාලනයේ ආනුභාවයෙන් පළාත් පාලන ඡන්දය දෙවසරකටත් වඩා කල් දමා ඇති බැවින් ප්‍රාදේශීය සභාවක් නැති නමුත් අපට සිනහසෙන එහි හිටපු සභාපති සෝලංග ආරච්චිගේ අතිවිශාල කටවුට් නම් අඩුවක් නැත.

ඩෙංගු රෝගයෙන් අප අසල්වැසි යායම ගිලගෙන ඇති බව සමාජ ජාලයන්හි මා දිගින් දිගටම ලියූ නමුත් ඉන් ඇතිවූ සෙතක් ද නැත.

බැරිම තැන පසුගිය සිකුරාදා මම ඩෙංගු මර්දන ඒකකයට මෙම තත්වය දැනුම් දී අපට උපකර කරන සේ ඉල්ලා විද්‍යුත් ලිපියක් නොහොත් ඊමේලයක් යැවීමි. මා මවිත කරමින් හැරෙන තැපෑලෙන් පැය කිහිපයක් ඇතුළත පිළිතුරු විද්‍යුත් ලිපියක් ලැබුනි. ඉන් කියා තිබුණේ එම ලිපිය අදාළ කාර්යාංශ වෙත යවන ලද බවයි.

සතිඅන්තය අවසන් වී එළඹුන පසුගිය සඳුදා සෑම නිවසකටම තට්ටු කරමින් ඩෙංගු මර්දන යුද හමුදා කණ්ඩායමක් පැමිණියෝය. වතුර බිඳක් හෝ එක්විය හැකි සෑම තැනකම ඇස ගැසූ ඔව්හු ඒ පිළිබඳව වැසියන් දැනුවත් කොට තෙදිනකින් යළි පරීක්ෂක කණ්ඩායමක් පැමිණෙනු ඇති බැවින් ගෙවතු පිරිසිදු කරන ලෙස දැන්වූහ.

ඩෙංගු මර්දන ඒකකයට මල් මිටක් පිදිය යුත්තේ එවැනි කාර්යක්ෂම සේවයක් සැළසීම වෙනුවෙනි. තට්ටු කරන්නාට දොර හැරේ යන්න තවමත් සැබෑ බව එමගින් පෙනුනි.

විශ්මය පටන් ගැනුණේ ඉන් පසුවය. සෑම නිවැසියකුම සිය ගෙවතු පිරිසිදු කරන්නට වූහ. එය කනට මිහිරි නාදයක් විය. අනතුරුව තවත් (අ)මිහිරි නාදයක් නන්වමින් සතියක්ම නෑවිත් තිබූ කුණු ටැක්ටරයද ආවේය. එදා සවසම තවත් පිරිසක් පැමිණ නිවෙස් සහ අවට දුමායනය කළහ.

ආණ්ඩුවක් කෙසේ වෙතත් ඩෙංගු මර්දන ඒකකයක් තිබෙන බව මහජනයාට තේරුම් යන්නට ඇත. ඉදින් අප අසල්වැසි යායෙහි කිසිවකු ඉන් පෙර ඩෙංගු මර්දන ඒකකයට කතා නොකළේද ? ඒ මහජනයා නොදැනුවත් නිසාද? ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසාද? මෙවැනි තත්වයකදී කළ යුත්තේ කුමක්දැයි රූපවාහිනී මාධ්‍ය සරළව සහ කාවදින ලෙස ප්‍රචාරය නොකළ නිසාද? මෙම පෙදෙසෙහි වසංගතය පැතිරී ඇතිබව සෞඛ්‍ය අමාත්යාංශය දැන නොසිටියේද? ඩෙංගු රෝගය පැතිරීමේ අවදානම් කලාප රතු පාටින් දැක්වෙන පරිඝණක මෘදුකාංගයක් මෙම ඒකක සතුව නැත්ද?

මෙම සංසිද්ධිය කපා කොටා විශ්ලේෂණය කර අවශ්‍ය නිගමනයන්ට බැසීමට තරම් නිහතමානී ඥානයක් අදාළ අංශයන්ට ලැබේවායි පතමු.

කුණු ගැන කතාව කෙටියෙන් මෙසේය.

අප ජීවත්වන්නේ කොලාන්නාව සහ මුල්ලෙරියාව ප්‍රාදේශීය සභා මායිමේය. කොලොන්නාව ප්‍රාදේශීය සභාව වෙන් කරන ලද කසළ පොලිතීන් මලුවල භාර ගනී. මා දන්නා තරමින් ලොව පුරා ක්‍රමවත්ව කසළ බැහැර කරන සෑම රටකම දිරන හෝ නොදිරන පොලිතීන් මලුවල කසළ බාර ගනී. නමුත් මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව කසළ මලු බාර ගන්නේ නැත. සමහර විට දෙසතියක් කසළ ටැක්ටරය නොපැමිණෙන අතර ඒ තාක් වැසියන් විවිධ භාජනයන්හි කසළ තබා ගත යුත්තේ පණුවන් බෝ කරමිනි. ටැක්ටරයේ හඬ ඇසෙන විට කසළ පිරුණු බරැති භාජන ඔසවාගෙන පාරට යා යුතුය. ඉන්පසු ඒ භාජන සොදා ගත යුතුය. ඒ මදිවාට කසළ ටැක්ටරය එන නිසි දිනයක් නැත.

කසළ එක් කළ යුතු පොලිතීන් මලු සඳහා නිසි ප්‍රමිතියක් ඇති කිරීමට ආණ්ඩුව පියවර නොගන්නේ මන්ද?

අද මෙරට පවත්නා සෑම සුපිරි වෙළද සැල් ජාලයක්ම දිනපතා දස දහස් ගණනින් පොලිතීන් මලු පාරිභෝගිකයිනට නොමිලයේ ලබා දෙයි. කසළ බැහැර කිරීම ක්‍රමවත් කර ඇති රටවල් දැනට දශක ගණනාවක් පුරා නොමිලයේ පොලිතීන් මලු පාරිභෝගිකයිනට ලබා දීම තහනම් කොට තිබේ. මිලදී ගත හැක්කේද දිරායන කඩදාසි හෝ හණ හෝ රෙදි මලුය. එසේ නමුත් කසළ බැහැර කිරීමට යොදා ගන්නේ විවිධ වර්ණයන්ගෙන් යුතු පොලිතීන් මලුය.

ආණ්ඩුවට පරිසරය රැක ගැනීමට නම් මෙළෙස සුපිරි වෙළද සැල්වලින් බෙදා හරින ලක්ෂ සංඛ්‍යාත පොලිතීන් මලු තහනම් නොකළ හැක්කේ ඇයි? ඒ වෙනුවට කුණු බහාළන පොලීතීන් මලු සහනදායි මිලකට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ නොහැක්කේ ඇයි? කසළ බැහර කළ යුතු අන්දම ගැන මහජන සේවා වැඩ සටහන් ප්‍රචාරය කරන සේ රූපවාහිනී නාලිකා සමඟ එකඟතාවයක් ඇති කර නොගන්නේ ඇයි?

ඩෙංගු වසංගතය සහ කුණු ප්‍රශ්ණය ගැන දේශාපාලනඥයින්ගේ බහුබූත දේශණා ප්රචාරය කිරීමට යොදවන කාලය එම කරුනුම අරභයා ආකර්ණීය මහජන සේවා වැඩසටහන් සඳහා යොදා ගන්නේ නම් අඩුම වශයෙන් පියවර කිහිපයක් හෝ ඉදිරියට යාමට හැකි වනවා ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කසළ සහ ඩෙංගු: ගල් සහ මල් - සුනන්ද දේශප්‍රිය (තහංචි මැද්දෙන්)
කසළ සහ ඩෙංගු: ගල් සහ මල් - සුනන්ද දේශප්‍රිය (තහංචි මැද්දෙන්)
http://ift.tt/2tQ2CGW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_855.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_855.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy