දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්දීය ජනාධිපති පුටුවට පැමිණි දාලිත් ගොවි පුතා
Homeගොසිප්

ඉන්දීය ජනාධිපති පුටුවට පැමිණි දාලිත් ගොවි පුතා

PropellerAds

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී තුනෙක් දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් එරට නව ජනාධිපතිවරය...

අතුරුදන් සුනඛයා ගෙනත් දෙන්නැයි නත්තල් සීයාට ලිපියක් ලියූ දැරියට වුණ දේ
2016 දෙසැ. 25 සිට දෙසැ. 31 දක්වා සතියේ පලාපල
කැරොල් සංගීත කණ්ඩායමක් සමග ගිය රුසියානු මිලිටරි ජෙට් යානය කඩාවැටී 92 ක් මරුට
ඉන්දියාවේ නව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී තුනෙක් දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් එරට නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ රාම් නාත් කෝවින්ද් ගොවි පුත්‍රයෙකි.

ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ රාම් නාත් කෝවින්ද්, මෙන්ම මෙවර ඔහු සමග තරගයට පැමිණි කොංග්‍රස් පක්ෂයේ මීරා කුමාර් යන දෙදෙනාම පීඩිත දාලිත් ජනවර්ගයෙන් පැවතෙයි.

ඉන්දීය ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම මහජන ඡන්දයෙන් නොව, එරට මධ්‍යම ආණ්ඩු පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකෙහි මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන්ද ඇතුළත් ඡන්ද පීඨයක් මගින් සිදුවන අතර, 4,896ක නියෝජිත පිරිසකගෙන් සමන්විත මෙම ඡන්ද පීඨයට ඉන්දීය ප්‍රාන්ත 29ක මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සහ සාංගමික ප්‍රදේශයන්හි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලවල නියෝජිතයෝද ඇතුළත් වෙති.

මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමග රාම් නාත් එළඹෙන ජූලි 25 වැනිදා ඉන්දියාවේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. ඔහුගේ ජයග්‍රහණයත් සමග භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදි රාම් නාත් වෙත සිය සුභාශිංසන එක්කර තිබූ බව විදෙස් වාර්තා පවසයි.

හිටපු බිහාර් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වන රාම් නාත් ජනාධිපතිවරණය ජයගැනීමත් සමග දිල්ලි නුවර පිහිටි ඔහුගේ නිවාසය වෙත අමතර ආරක්ෂාවක් දැමීමට පොලීසිය කටයුතු කර තිබුණි. එමෙන්ම, විශාල මල් කලඹ ප්‍රමාණයක්ද ඒ වෙත ලැබෙමින් පවතින බවද වාර්තා විය. ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය 17දා සිදුව තිබූ අතර, මෙහි ඡන්ද ගණන් කිරීම ඊයේ (20දා) උදෑසන 11.00 ට ආරම්භ විය. එමෙන්ම, මෙවර සභිකයන් 99% ක්ම පාහේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබුනේ වාර්තාගත ඡන්දය ප්‍රකාශ කිරීමක් සමගිනි.

පීඩිත දාලිත් කුලයෙන් පැවතෙන රාම් නාත්, ගොවියෙකුගේ පුත්‍රයෙකි. ඔහු ඉතා සරල දිවි පෙවෙතෙකට හුරුවූවෙකු ලෙසද සැලකෙයි. වර්ෂ 1945 ඔක්තෝබර් 01 වැනිදා කන්පූර් දෙහාත් හිදී උපත ලැබූ ඔහුට වාණිජවේදී උපාධිධරයෙකි. එමෙන්ම, කන්පූර් විශ්වවිද්‍යාලයෙන් ඔහු නීතියද හදාරා ඇත. වසර 15කට අධික කාලයක් දිල්ලි මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු සවීතා කෝවින්ද් සමග විවාහ වී සිටියි. ඔවුනට දාව පුතෙකු හා දියණියකද වෙයි.

භාරතීය ජනතා පක්ෂයේ දාලිත් මෝර්චා හි සභාපතීත්වය දැරූ ඔහු, එම පක්ෂයේ ජාතික මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කර ඇත. 1994 සිට 2000 සහ 2000 සිට 2006 දක්වා උත්තර් ප්‍රදේශ ප්‍රාන්තය නියෝජනය කරමින් රාජ්‍ය සභා සමාජිකයෙකු ලෙස දෙවරක් කටයුතු කර ඇති ඔහු ඉන්දීය පර්ලිමේන්තුවේ කමිටු කිහිපයකම සාමාජිකයෙකු ලෙසද අත්දැකීම් ලබූවෙකි.

මීට වසර තුනකට පෙර බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස නම්කරනු ලැබූ ඔහු එම ප්‍රාන්ත‍යේ 36 වැනි අණ්ඩුකාරවරයා බවට 2015 අගෝස්තු මාසයේදී පත්විය. ඒ අනුව, එළඹෙන ජූලි 25 වැනිදා රාම් නාත් ඉන්දීයාවේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබූ විට ඔහු ඉන්දීය ඉතිහාසයේ ජනාධිපති ධුරයට පත්වන දෙවැනි දාලිත් වැසියා බවට පත්වනු ඇත. මීට පෙර එම පදවියට උසුලනු ලැබූ දාලිත්වරයා කේ.ආර්. නාරායන් ය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්දීය ජනාධිපති පුටුවට පැමිණි දාලිත් ගොවි පුතා
ඉන්දීය ජනාධිපති පුටුවට පැමිණි දාලිත් ගොවි පුතා
http://ift.tt/2tv55Ie
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_682.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_682.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy