චන්දිමාල් කණ්ඩායමේ නොමැතිවීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට පමණක් සංචිතය නම්කළ බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ. ආබාධයකට ලක්වීම හේතුවෙන් සිම්බ...
චන්දිමාල් කණ්ඩායමේ නොමැතිවීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට පමණක් සංචිතය නම්කළ බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.
ආබාධයකට ලක්වීම හේතුවෙන් සිම්බාබ්වේ සමග පැවති ටෙස්ට් තරගයට නම් නොකළ නුවන් ප්‍රදීප් නැවත සංචිතයට කැඳවා ඇති අතර පුහුණු තරගයට ක්‍රීඩාකළ විශ්ව ප්‍රනාන්දු ද සංචිතයට කැඳවා තිබෙනවා. මීට අමතරව විශේෂිතම කරුණ වන්නේ පසුගිය කාලසීමාව පුරා පළමු පෙළ තරගවල දස්කම් දැක්වූ දඟපන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර ටෙස්ට් තරගාවලියට කැඳවා තිබීමයි.
ඔහු දිගින් දිගටම දස්කම් දැක්වූ අතර ඔහුව ටෙස්ට් කණ්ඩායමට නම් නොකිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රේක්ෂකයන් තේරීම් කමිටුවට චෝදනා එල්ල කළේය. කෙසේ වෙතත් ඔහුට අවස්ථාවක් ලැබේද යන්න සැක සහිතය.
දිනේෂ් චන්දිමාල්ගෙන් හිස්වූ තැන සඳහා ධනන්ජය සිල්වා කැඳවා ඇති අතර ඔහුටද අවස්ථාව ලැබේද යන්න සැක සහිතය.
පළමු තරගයට නම්කළ ශ්‍රී ලංකා සංචිතය
රංගන හේරත් (නායක), උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, ධනන්ජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, මාලින්ද පුෂ්පකුමාර, නුවන් ප්‍රදීප්
COMMENTS