දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ක්‍රිකට් ප්‍රවීනයන්ගේ මතගැටුමෙන් පරණ කුණු එලියට

චාලි ඔස්ටින් සාධකය හරහා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් පාර්ශ්ව දෙකකට බෙදී ඇති අතර එක් පාර්ශ්වයක් චාලි ඔස්ටින් සහ ඔහුගේ කළමානාකාරීත්වය යටතේ ස...

ක්‍රිකට් ප්‍රවීනයන්ගේ මතගැටුමෙන් පරණ කුණු එලියට
චාලි ඔස්ටින් සාධකය හරහා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් පාර්ශ්ව දෙකකට බෙදී ඇති අතර එක් පාර්ශ්වයක් චාලි ඔස්ටින් සහ ඔහුගේ කළමානාකාරීත්වය යටතේ සිටින ක්‍රීඩකයන් පිළිබඳ විවිධ තොරතුරු ප්‍රකාශ කරන අතර තවත් පාර්ශ්වයක් චාලි ඔස්ටින් රැක ගැනීමේ සටනක නිරතව සිටී.
 
මේ වනවිට මෙම මතගැටුම චාලි ඔස්ටින් සාධකය පසුකර එකිනෙකාට චෝදනා එල්ල කරගන්නා මට්ටමට පැමිණ තිබීම ඛේදවාචකයකි. එක් අතකින් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ අර්බුදය වසන් කිරීමට සමත් වන අතර එය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට එතරම් සුබදායී නොවේ. අනෙක් පැත්තෙන් මේ නිසා ක්‍රීඩකයන්ගේ සැබෑ නිරුවත හෙළිවෙමින් පවතී.
 
පසුගියදා කුමාර සංගක්කාර ස්කයිප් හරහා ප්‍රකාශ කළේ 2009 පකිස්තානු සංචාරය පිලිබඳව විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බවය. මේ හරහා ඔහු චෝදනා එල්ල කරන්නේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම අදාල සංචාරය සිදුවූ කාලය තුළ ක්‍රිකට් සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාටයි. එම ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අර්ජුණ ප්‍රකාශ කරන්නේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු විරෝධතාවයක් නොමැති බවයි. එසේම 2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-ශ්‍රී ලංකා අවසන් තරගය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ද අර්ජුණ ප්‍රකාශ කරයි.
 
මේ හරහා අර්ජුණ රණතුංග මහතා නොකියා කියන්නේ අවසන් තරගය පාවා දී ඇති බවයි.
 
ප්‍රවීන ක්‍රීඩකයන් දැන් එලිපිටම එකිනොකාට චෝදනා කරමින් ඔවුන්ගේ පරණ කුණු ගොඩවල් ඇවිස්සීමේ උත්සාහයක නිරතව සිටී. මේ හරහා ඉදිරියේදී ක්‍රිකට් ක්ෂේත්‍රය වසා පැතිර සිටින කුණු එලියට විසිවනු ඇත. එහෙත් මේ ක්‍රිකට් ප්‍රවීනයන් හෝ පාලකයන් හෝ අන්තයටම පිරිහී ඇති ක්‍රිකට් ගොඩනැගීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කරන ආකාරයක් නම් පෙනෙන තෙක් මානයේ හෝ නොමැත.
 
මෙවැනි ගැටුම් විවිධ අවස්ථාවලදී ඇතිවුවද ඒ සියල්ල හුදෙකලා මතගැටුම්ය. එහෙත් මෙවර ඉතා සංවිධානාත්මක ලෙස මෙම මතගැටුම් වර්ධනය වන අතර එය හුදෙක් පුද්ගල ගැටුමකින් එහාට ගොස් තිබේ. බරපතලම ගැටලුව වන්නේ එක් පාර්ශ්වයක් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට සහාය දක්වන අතර අනෙක් පාර්ශ්වය වත්මන් ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට සහයෝගය දැක්වීමයි. මේ හරහා ඉදිරියේදී මෙම මතගැටුම කණ්ඩායම තුළට පැමිණීමේ අවදානමක් පවතී. එසේ වුවහොත් බින්දුවටම වැටී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැවත කිසිදිනෙක නැගී සිටින්නට නොහැකි වනු ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්‍රිකට් ප්‍රවීනයන්ගේ මතගැටුමෙන් පරණ කුණු එලියට
ක්‍රිකට් ප්‍රවීනයන්ගේ මතගැටුමෙන් පරණ කුණු එලියට
http://ift.tt/2tQfdKf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_651.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_651.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy