Advertisements

Breaking News

නොබෙල් සාම සම්මානලාභියා දේශපාලන සිරකරුවෙකු ලෙසම මිය යයි.

නොබෙල් සාම සම්මානලාභියා දේශපාලන සිරකරුවෙකු ලෙසම මිය යයි.

වසර 61 ක ජීවිත කාලයෙන් හතරෙන් එකක්ම” එනම් කාලක්ම ඔහු ජීවත් වූයේ සිරගතව ය. අවසාන වශයෙන් 2009 වසරේ පටන් ඔහු චීන බන්ධනාගාරයක සිරගතව සිටියේය. ඒ, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම නිසා ය.

ලියු ක්සියාබෝ දිගු කලෙක පටන් චීන ුපාලනයේ ඒකාධිපති ස්වභාවයන්ට එරෙහිව සටන් වැදුණු නිර්භය ක්‍රියාකාරිකයෙකු විය.

මැයි මාසයේ අක්මාවේ පිළිකාවක අවසන් අදියරේ පසුවන බව සොයාගන්නා විට ලියු ක්සියාබෝ වසර 11 ක සිර දඬුවමක් විඳිමින් සිටියේය. අවසානයේ උතුරු චීන රෝහලක ඔහු මිය ගියේ ඒකාධිපතිත්වයේ මුරකාවල් මැද ය.

චීනය” සිය රටෙන් බිහිවූ නොබෙල් සම්මානලාභියාට සැලකූයේ එසේ ය.

ජර්මන් ජාතික කාල් වොන් ඔසියට්ස්කි හෙවත් 1935 වසරේ නොබෙල් සාම සම්මානලාභියාට ජර්මනිය සැලකුවේ ද මෙසේම ය. ෆැසිස්ට්වාදය වෙනුවට ‘පැසිෆික්වාදය’ හෙවත් ‘සන්සුන්කම’ට ආදරය කළ මේ මිනිසා වසර ගණනක් නාසි සිරගෙයක තබාගෙන අවසානයේ මිය ගියේය.

චීනය ලියු සියාබෝ ට සැලකුවේ ද ඒ අන්දමින්ම ය.

අමාලි ජයවීර

No comments