පෙරවරු 12.00 පමණ සිට එම ස්ථානයේදී ශිෂ්‍ය නියෝජිතයන් ඇතුළු පිරිස සාකච්ජාවේ නිරතව සිට ඇති අතර සන්ධ්‍යාවේ පිරිස විසිර යන අවස්ථාවේ ශිෂ්‍යයන් ...
පෙරවරු 12.00 පමණ සිට එම ස්ථානයේදී ශිෂ්‍ය නියෝජිතයන් ඇතුළු පිරිස සාකච්ජාවේ නිරතව සිට ඇති අතර සන්ධ්‍යාවේ පිරිස විසිර යන අවස්ථාවේ ශිෂ්‍යයන් ලුහුබඳිමින් ඔවුන් බලහත්කාරයෙන් රැගෙන යාමට පොලිසිය හා සිවිල් කණ්ඩායමක් උත්සහ දරා ඇත. ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතින විමර්ශන වලට අදාළව රයන් ජයලත් එක් සැකකරුවෙකු බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් ඇති බව පොලිසියේ නිලධාරියෙක් පිරිස දැනුවත් කර තිබේ. එහෙත් රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට අදාළව වරෙන්තුවක් හෝ පොලිසිය සතුව තිබී නැත. ඒ පිළිබඳ පිරිස ප්‍රශ්න කරන විට අදාළ පොලිස් නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ එම අත්අඩංගුවට ගැනීමට අදාළව වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි.
කෙසේ වෙතත් මෙහි පවතින ප්‍රශ්නය වන්නේ ඔවුනොවුන්ගේ තීන්දු තීරණ මත සෙස්සන්ගේ අයිතිවාසිකම් තඹයකට හෝ මායිම් නොකර බල්ලන් බළලුන් සේ මිනිසුන් කුදලාගෙන යා හැකිද යන්නයි.
පොලිසිය පවසන පරිදි ඔවුන් විසින් සිදුකරගෙන යනු ලබන විමර්ශන අපි අභියෝගයට ලක් නොකරමු. එහෙත් මේ සිද්ධිය සිද්ධියක් ලෙස බැහැර කළ නොහැකි හෙයින් මෙම සටහන තබමු.
අතුරුදහන් කිරීම්, බලහත්කාරයෙන් පැහැරගෙන යාම් මේ භූමියට අලුත් අත්දැකීමක් නොවේ. එලෙස අතුරුදහන්වූ පැහැරගත් අති බහුතරයක් නැවත පැමිණුනේ නැත. අඩුම තරමේ ඔවුන් ජිවත් වෙනවාද නැද්ද කියන්නට හෝ යහපාලන යැයි කියන වත්මන් දේශපාලන අධිකාරියේ හෝ කොන්ද කෙළින් වී නැත. මේ රටේ නීතිය නැමෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවය මතය. එහෙයින් රයන්ලා සම්බන්ධයෙන් නීතිය මෙලෙස ක්‍රියාත්මක වීම පිළිබඳ අපට පුදුමයක් නැත.
අභියෝගයන් ජයගන්නට සැලසුම් හදන්නේ මෙලෙස නම් අපට කියන්නට ඇත්තේ මෙපමණකි,කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි එලෙසම බවය.
එම සිද්ධියට අදාළව සංස්කරණය නොකළ දර්ශන සහිත වීඩියෝව පහතින් දැක්වෙයි.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=FJTRrwtD4UM&feature=youtu.be[/youtube]
COMMENTS